කොරෝනා හමුවේ වුවද දෙවැනි වාරය සඳහා ඔස්ට්‍රේලියාවේ ස්වාධීන පාසල් විවෘත නොකළහොත් රාජ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කපා හරින බවට මධ්‍යම රජයෙන් ප්‍රකාශයක්

Representational picture of students going to school in Australia.

Representational picture of students going to school in Australia. Source: AAP

මේ වසරේ දෙවැනි වාරය සඳහා ඔස්ට්‍රේලියාවේ ස්වාධීන පාසල් විවෘත කළ යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බල කර සිටියි.

කොරෝනා වසංගතය හමුවේ බොහෝ ස්වාධීන හා පෞද්ගලික පාසල් වසා දැමීමට කටයුතු කර ඇති අතර පාස්කු නිවාඩුවෙන් පසුව වුවද කොරෝනා තත්ත්වය පාලනය වනතෙක් ඒවා විවෘත් නොකරන බවට ආරංචි ලැබී තිබේ.

කෙසේනමුත්, පාස්කු නිවාඩුවෙන් පසුව දෙවනි වාරය සඳහා ස්වාධීන හා පෞද්ගලික පාසල් විවෘත නොකළහොත් එම පාසල් වෙත රජයෙන් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන කපා හරින බවට මධ්‍යම රජය තර්ජනය කොට ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතය හමුවේ තම පාසල් දිගටම වසා තැබීමට ස්වාධීන හා පෞද්ගලික පාසල් වලට අවස්ථාව නොමැති බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පැවසීය.

මේ කාල වකවානුවේදී පවා රැකියා වල නිරත වන දෙමාපියන් ට තම දරුවන්ව නිවසේ තබාගෙන අධ්‍යාපන කටයුතු සිදු කර දීමට හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පාසල් විවෘත කිරීම සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි විවිධ ක්‍රමවේද අනුගමනය කරන නමුත් ඒ සියලු පාසල් විවෘතව තැබිය යුතු බව මධ්‍යම රජය පවසයි.

හැකිනම් පාසලට නොපැමිණ නිවසේ සිටින ලෙස නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියානු ප්‍රාන්ත සිසුන්ට පවසා ඇති අතර තම දරුවන්ව පාසල් කරා එවන ලෙසට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය හා Northern Territory සිය දෙමාපියන්ව උනන්දු කරන බවද වාර්තා වේ.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now