SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ උපත ලද ප්‍රසිද්ධ IS සටන්කාමියෙකු තම වැරදි වලට සමාව අයදියි.

Australian jihadist Prakash regrets joining IS
Source: Al-Jazeera

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ ප්‍රසිද්ධ IS සටන්කාමියෙකු වන Neil Prakash ඊයේ (28/09) තුර්කි අධිකරණය හමුවට පමුනවනු ලැබීය.

ලෝකයට සහ ලෝක ජනතාවට තමන් විසින් සිදු කළ සියලු හානි පිළිබඳ තමන් කණගාටුවන බවත් එයට සමාවන ලෙසත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

මෙල්බන් හි උපත ලද 26 හැවිරිදි මොහු පසුගිය ඔක්තෝබර් මාසයේදී සිරියා දේශ සීමාවෙන් පැන යාමට උත්සාහ දරන විට අත්අඩංගුවට පත් විය.

 Neil Prakash හට ඇප ලබා දීම අධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළ අතර එම නඩුව නැවතත් දෙසැම්බර් 26 වන දින කැඳවීමට නියෝග කෙරිණි.

මේ අතර IS සටනකාමී Neil Prakash ඔස්ට්‍රේලියානු අධිකරණය හමුවට පමුනුවනවාද යන්න පිළිබඳ කතා කිරීමට තවමත් කල් වැඩි බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පවසයි.

විදෙස් රටවල සටන් වදින ඔස්ට්‍රේලියානු සම්භවයක් ඇති ත්‍රස්තවාදීන් හට හැකි උපරිමයෙන් චෝදනා ගොනු කර නිසි දඬුවම් ලබා දීමට ඔස්ට්‍රේලියානු  

රජය හැකි උපරිම උත්සාහය ගන්නා බවද අමාත්‍ය Peter Dutton ලන්ඩන් නුවර සිට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now