SKIP TO MAIN CONTENT

වසර 17 කට පසුව ඔස්ට්‍රේලියානු පහළ මන්ත්‍රණ සභාවේ ආසන ගණන හෙල්ලෙයි.

Australian lower house shake-up after 17 years.
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne, Marija Zivic (Original)

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ නවතම සංගණන දත්ත අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ හා Australian Capital Territory (ACT) හි පහළ මන්ත්‍රණ සභාවේ ආසන ගණන ඉහළ ගොස් තිබෙන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආසන ගණන පහළ ගොස් තිබෙන බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පවසයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ හා Australian Capital Territory (ACT) හි ශීග්‍රයෙන් වැඩිවන ජනගහනය හේතුවෙන් මෙසේ එම ප්‍රාන්ත නියෝජනය කරන ආසන ගණන ඉහළ දැමීමට සිදුවූ බවත් ජනගහනය අඩුවීමේ ප්‍රවනතාව හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය නියෝජනය කරන ආසන ගණන පහළ දැමීමට සිදුවන බවත් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමසාරිස් Tom Rogers පැවසීය.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙතෙක් 37 ක්ව පහළ මන්ත්‍රණ සභාවේ ආසන ගණන 38 දක්වා ඉහළ ගොස් ඇති අතර ACT හි 2 ක්ව පැවති ආසන ගණන 3 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මීට අමතරව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පහල මන්ත්‍රණ සභාවේ ආසන ගණන 11 සිට 10 දක්වා අඩුවී ඇති බවද වාර්තා වේ.

ඒ අනුව මෙම වෙනස්කම් නිසා ඔස්ට්‍රේලියාවේ පහළ මන්ත්‍රණ සභාවේ මෙතෙක් පැවති ආසන 150, 151 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය මෙලෙස වැඩි වුයේ වසර 17 කට පසුව බවත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now