SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට තම කාර්යාල සේවකයින් සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සපුරා තහනම් කෙරේ.

Australian ministers will be banned from having sexual relationships with staffers
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට තම කාර්යාල සේවකයින් සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විසින් සපුරා තහනම් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති සහ නැෂනල්ස් පක්ෂයේ නායක බානබි ජොයිස් තම මාධ්‍ය උපදෙශිකාව සමග පැවැත්වූ ලිංගික සබඳතාව හෙළිදරව් වීමෙන් අනතුරුව අගමැති ටර්න්බුල් මෙම තීරණය ගෙන තිබේ.

බානබි ජොයිස් ගේ මෙම ක්‍රියාව අගමැති ටර්න්බුල් දැඩි ලෙස විවේචනය කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සහ වගකීම් සම්බන්ධයෙන් අචාර ධර්ම පද්ධතිය නැවත සකස් කිරීමට වහා පියවර ගත යුතු බවට උපදෙස් ලබා දී ඇත.

Australian ministers will be banned from having sexual relationships with staffers
Labor Criticizes Malcolm Turnbull Over AFP Raids On Union Offices Source: Getty Images

ඔස්ට්‍රේලියාව ඇමෙරිකා එක්සත් ජනපදය මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය අතර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තහනම් කරන ලෙස පසුගිය සතියේදී ස්වාධීන මන්ත්‍රීනී  Cathy McGowan  යෝජනා කළ නමුත් ලිබරල් සන්ධානයේ හෝ කම්කරු පක්ෂයේ හෝ කිසිවෙකු ඊට සහය දැක්වුයේ නැත.

මේ අතර බානබි ජොයිස් මේ සිද්ධියත් සමග පුද්ගලික නිවාඩු ගෙන ඇති අතර ලබන සතියේදී අගමැති ටර්න්බුල්ගේ ඇමෙරිකානු සංචාරය අතරතුර වැඩබලන අගමැති ලෙස බානබි ජොයිස් කටයුතු නොකරනු ඇත.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය නැවත සකස් කිරීමේ අගමැති මැල්කම් ටර්න්බුල් ගේයෝජනාවට තමන් සහය දක්වන බව ලිබරල් සෙනට් සභික  Jim Molan පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now