Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වසරේ ඔස්ට්‍රේලියානුවා ගෞරව සම්මානය මෙවර කාන්තාවකට.

Australian of the Year 2018

Source: AAP

අදට  යෙදී  ඇති ඔස්ට්‍රේලියානු දින සැමරුම් සමග ඔස්ට්‍රේලියානු ජන සමාජයට සේවය කල විශාල පිරිසක්  ගෞරව සම්මානයට පාත්‍ර  වන අතර, මේ අතරින් සුවිශේෂීම සම්මානය වන "Australian of the Year"  සම්මානය මේ වසරේ හිමි කර ගැනීමට මහාචාර්ය Michelle Simmons  සමත් විය.

භෞතික විද්‍යාව පිළිබද පර්යේශිකාවක් වන මහාචාර්ය Michelle Simmons, Quantum පරිගණක තාක්‍ෂණය සම්බන්ධව ලොව සිටින ප්‍රමුඛ පෙලේ පර්යේශිකාවකි.

තමන්ට මෙම සම්මානය හිමි වීම ඉතා විශාල ගෞවරවයක් බව මේ වන විට සිඩ්නි නුවර නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු මහාචාර්ය Michelle Simmons පැවසුවාය.

මේ අතර ඔස්ට්‍රේලියානු ජන සමාජයට විවිධ අයුරින් සේවය කල 895 දෙනෙකු අද (26/01) දිනයේ සම්මානයට පාත්‍ර  වීමට නියමිත අතර, ලෝක ප්‍රකට    ඔස්ට්‍රේලියානු ගණිත ගුරුවරයෙකු වන Eddie Woo, මේ වසරේ  Australia's Local Hero සම්මානය හිමි වී තිබේ.

Australia's Local Hero 2018 Eddie Woo.
Australia's Local Hero 2018 Eddie Woo. Source: SBS

තවද Young Australian of the Year සම්මානය හිමිවන්නේ 24 හැවිරිදි ආදීවාසි පසුබිමක් ඇති පාපන්දු ක්‍රීඩිකා Samantha Kerr හටය.

Young Australian of the Year 2018 Samantha Kerr.
Young Australian of the Year 2018 Samantha Kerr. Source: AUSTRALIA DAY COUNCIL

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now