ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 : දස වන දිනයේදී ඇමෙරිකාවේ Serena Williams සහ ස්පාඤ්ඤයේ Rafael Nadal අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

Australian Open 2017

Source: Australian Open 2017

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017, දස වන දිනය ඊයේ (25 /01) දිනයේදී නිමාවට පත් විය.

එහිදී ඇමෙරිකාවේ Serena Williams හා ක්‍රොයේෂියාවේ Mirjana Lucic-Baroni මෙන්ම ස්පාඤ්ඤයේ Rafael Nadal හා බල්ගේරියාවේ Grigor Dimitrov අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.

මීට අමතරව ඊයේ දිනයේදී යුගල තරගද පැවැත්විණි.

ඊයේ (25/01) දිනයේ අර්ධ අවසන් පූර්ව තරග ප්‍රතිපල සාරාංශය පහත පරිදි වේ.

  • ඇමෙරිකාවේ Serena Williams, මහා බ්‍රිතාන්‍යයේ  Johanna Konta  6-2සහ 6-3 ලෙස පරාජයට පත් කළාය.
  •  ක්‍රොයේෂියාවේ Mirjana Lucic-Baroni, චෙක් ජනරජයේ Karolina Pliskova 6-4, 3-6 සහ 6-4 ලෙස පරාජයට පත් කළාය.
  •  බල්ගේරියාවේ Grigor Dimitrov, බෙල්ජියමේ David Goffin 6-3, 6-2 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
  •  ස්පාඤ්ඤයේ Rafael Nadal, කැනඩාවේ Milos Raonic 6-4, 7-6 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Australian Open 2017




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now