ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 : එකොළොස් වන දිනයේදී ඇමෙරිකාවේ Williams සහෝදරියෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබති.

Australian Open 2017

Source: Australian Open

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017, එකොළොස් වන දිනය ඊයේ (26 /01) දිනයේදී නිමාවට පත් විය.

එහිදී ඇමෙරිකාවේ Serena Williams, ක්‍රොයේෂියාවේ Mirjana Lucic-Baroni පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ඇමෙරිකාවේ Venus Williams, ඇමෙරිකාවේ CoCo Vandeweghe පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවාය.

ඇමෙරිකාවේ Serena Williams මේ වන විට Grand Slam ඒකල ශූරතාවන් 22 ක් ජයග්‍රහණය කර ඇති අතර මෙවර ඇය හඹා යන්නේ 23 වන ශූරතාවයයි.

කෙසේ වෙතත් ඒ සඳහා ඇයට තම වැඩිමහල් සහෝදරිය වන Venus Williams ව අවසන් මහා තරගයේදී පරාජයට පත් කළ යුතුව ඇත.

Williams සහෝදරියෝ මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සුවිශේෂී සිදුවීමක් වූ අතර මොවුන් දෙදෙනා අවසන් වරට Grand Slam අවසන් මහා තරගයකදී මුණ ගැසුනේ 2009 Wimbeldon ශූරතාවලියේදීය.

මේ අතර ස්විට්සර්ලන්තයේ සුපිරි ටෙනිස් ශූර Roger Federer, ස්විට්සර්ලන්තයේ Stan Wawrinka පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.

මේ අනුව මෙය Roger Federer, Grand Slam ශූරතාවකදී අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 28 වන අවස්තාව වන අතර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක සය වැන්න වේ.

ස්පාඤ්ඤයේ සුපිරි ක්‍රීඩක Rafael Nadal අද (27/01) දිනයේ බල්ගේරියාවේ Grigor Dimitrov සමග දෙවන අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීමට නියමිතය.

ඊයේ (26/01) දිනයේ අර්ධ අවසන් පූර්ව තරග ප්‍රතිපල සාරාංශය පහත පරිදි වේ.

  • ඇමෙරිකාවේ Venus Williams, ඇමෙරිකාවේ CoCo Vandeweghe 6-7, 6-2 සහ 6-3 ලෙස පරාජයට පත් කළාය.
  • ඇමෙරිකාවේ Serena Williams, ක්‍රොයේෂියාවේ Mirjana Lucic-Baroni 6-2 සහ 6-1 ලෙස පරාජයට පත් කළාය.
  • ස්විට්සර්ලන්තයේ Roger Federer, ස්විට්සර්ලන්තයේ Stan Wawrinka 7-5, 6-3, 1-6, 4-6 සහ 6-3  ලෙස පරාජයට පත් කළේය.

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Australian Open 2017




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now