ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017, දොළොස් වන දිනය ඊයේ (27 /01) දිනයේදී නිමාවට පත් විය.
එහිදී පිරිමි කේවල අංශයේ දෙවන අවසන් පූර්ව තරගය සඳහා මුහුණ දුන් ස්පාඤ්ඤයේ Rafael Nadal, බල්ගේරියාවේ Grigor Dimitrov 6-3, 5-7, 7-6(5), 6-7(4) සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
මීට අමතරව ඊයේ දිනයේදී පවතී කාන්තා යුගල අංශයේ අවසන් මහා තරගයෙන් ඇමෙරිකාවේ Bethanie Mattek-Sands හා චෙක් ජනරජයේ Lucie Safarova විසින් චීනයේ Shuai Peng හා චෙක් ජනරජයේ Andrea Hlavackova 6-7(4), 6-3 සහ 6-3 ලෙස පරාජයට පත් කරමින් මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා යුගල ශූරතාව දිනා ගැනීමට සමත් විය.
මීට අමතරව ඊයේ දිනයේ පැවති මිශ්‍ර යුගල අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාවේ Sania Mirza හා ක්‍රොයේෂියාවේ Ivan Dodig විසින් ඔස්ට්‍රේලියාවේ Samantha Stosur හා Sam Groth පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසකම් ලැබීය.
ඊයේ (27/01) දිනයේ තරග සාරාංශය පහත පරිදි වේ.
පිරිමි ඒකල අර්ධ අවසන් පූර්ව තරග ප්‍රතිපල
ස්පාඤ්ඤයේ Rafael Nadal, බල්ගේරියාවේ Grigor Dimitrov 6-3, 5-7, 7-6(5), 6-7(4) සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.

මිශ්‍ර යුගල අවසන් පූර්ව තරගය
ඉන්දියාවේ Sania Mirza හා ක්‍රොයේෂියාවේ Ivan Dodig (CRO) විසින් ඔස්ට්‍රේලියාවේ Samantha Stosur හා Sam Groth 6-4, 2-6 සහ 10-5 ලෙස පරාජයට පත් කරන ලදී.

කාන්තා යුගල තරග සාරාංශය
ඇමෙරිකාවේ Bethanie Mattek-Sands හා චෙක් ජනරජයේ Lucie Safarova විසින් චීනයේ Shuai Peng හා චෙක් ජනරජයේ Andrea Hlavackova 6-7(4), 6-3 සහ 6-3 ලෙස පරාජයට පත් කරන ලදී.


