ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 : 13 වන දිනයේදී ඇමෙරිකාවේ Serena Williams, කේවල කාන්තා ශූරතාව හිමි කරගනී.

Australian Open 2017

Source: Australian Open

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017, 13 වන දිනය අද (28 /01) දිනයේදී නිමාවට පත් විය.

එහිදී කාන්තා කේවල අංශයේ අවසන් මහා තරගය පැවැත්වුණේ Rod Laver Arena හි ඇමෙරිකාවේ Serena Williams සහVenusWilliams අතරය.

එහිදී Venus Williams 6-4 සහ 6-4 ලෙස පරාජයට පත් කරමින් Serena Williams මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කේවල කාන්තා ශූරතාව හිමි කරගත්තාය.

ඒ අනුව මෙය Serena Williams හිමි කරගත් 23 වන Grand Slam ශූරතාව මෙය බවට ඉතිහාසගත වන අතර කාන්තා කේවල අංශයේ වැඩිම Grand Slam විවෘත ශූරතා ප්‍රමාණයක් හිමිකරගත් ක්‍රීඩිකාව ලෙසද ඇය අද ඉතිහාසයට එක් විය.

මෙයත් සමග Serena Williams විසින් මේ වන විට හිමි කරගෙන තිබෙන මුළු ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලි ශූරතා ප්‍රමාණය 7 ක් බවට පත්වී තිබේ.

Williams සහෝදරියෝ අවසන් වරට Grand Slam ශූරතාවක අවසාන මහා තරගයකදී මුණ ගැසුනේ 2009 වසරේ පැවති Wimbledon ටෙනිස් තරගාවලියේදීය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 පිරිමි කේවල අවසන් මහා තරගය හෙට (29/01) දිනයේදී ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල අංක 17 සිටින ස්විට්සර්ලන්ත Roger Federer සහ ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල අංක 9 සිටින ස්පාඤ්ඤයේ Rafael Nadal අතර පැවැත්වීමට නියමිතය.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Australian Open 2017




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now