ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 සිව්වන දිනය වන ඊයේ (19 /01) දිනයේදී ලෝක ටෙනිස් ශූර සර්බියාවේ Novak Djokovic, ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක 117 සිටින උස්බකිස්තානයේ Denis Istomin හට පරාජය වීම කැපී පෙනුණු සිදුවීමකි.
මීට අමතරව සුපිරි ටෙනිස් තරු වන ස්පාඤ්ඤයේ Rafael Nadal සහ ඇමෙරිකාවේ Serena Williams තම සුපුරුදු දක්ෂතා දක්වා තෙවන වටය සඳහා සුදුසුකම් ලැබීය.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ Daria Gavrilova, ක්‍රෝඑශියාවේ Ana Konjuh පරාජයට පත් කරමින් තෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ නමුත් ඔස්ට්‍රේලියාවේ Jordan Thompson හට එම අවස්තාව අහිමි විය.
සිව්වන දිනයේ තරග සාරාංශය පහත පරිදි වේ.
- මහා බ්‍රිතාන්‍යයේ Johanna Konta , ජපානයේ Naomi Osaka 6-4 සහ 6-2 ලෙස පරාජයට පත් කළාය.
- ඩෙන්මාර්කයේ Caroline Wozniacki , ක්‍රෝඑශියාවේ Donna Vekic 6-1 සහ 6-3 ලෙස පරාජයට පත් කළාය.
- උස්බකිස්තානයේ Denis Istomin, සර්බියාවේ Novak Djokovic 7-6, 5-7, 2-6, 7-6 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
- ඇමෙරිකාවේ Serena Williams, චෙක් ජනරජයේ Lucie Safarova 6-3 සහ 6-4 ලෙස පරාජයට පත් කළාය.
- ස්පාඤ්ඤයේ Rafael Nadal, සයිප්‍රසයේ Marcos Baghdatis 6-3, 6-1 සහ 6-3 ලෙස පරාජයට පත් කළේය.
- චෙක් ජනරජයේ Karolina Pliskova, රුසියාවේ Anna Blinkova 6-0 සහ 6-2 ලෙස පරාජයට පත් කළාය.
- ස්ලෝවේකියාවේ Dominika Cibulkova, තායිවානයේ Su-Wei Hsieh 6-4 සහ 7-6 ලෙස පරාජයට පත් කළාය.
- ක්‍රෝඑශියාවේ Milos Raonic, ලක්සම්බර්ග් හි Gilles Muller 6-3, 6-4 සහ 7-6 ලෙස පරාජයට පත් කළේය.
- ක්‍රෝඑශියාවේ Mirjana Lucic-Baroni, පෝලන්තයේ Agnieszka Radwanska 6-3 සහ 6-2 ලෙස පරාජයට පත් කළාය.
- ඔස්ට්‍රියාවේ Dominic Thiem, ඔස්ට්‍රේලියාවේ Jordan Thompson 6-2, 6-1, 6-7 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
- රුසියාවේ Ekaterina Makarova, ඉතාලියේ Sara Errani 6-3 සහ 3-2 ලෙස පරාජයට පත් කළාය.
- බල්ගේරියාවේ Grigor Dimitov, කොරියාවේ Hyeon Chung 1-6, 6-4, 6-4 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
- ප්‍රංශයේ Gael Monfils, යුක්රේනයේ Alexandr Dolgopolov 6-3, 6-4, 1-6 සහ 6-0 ලෙස පරාජයට පත් කළේය.
- ඔස්ට්‍රේලියාවේ Daria Gavrilova, ක්‍රෝඑශියාවේ Ana Konjuh 6-2, 1-6 සහ 6-4 ලෙස පරාජයට පත් කළාය.

