SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 : පස් වන දිනයේ සාරාංශය.

සුපිරි ටෙනිස් තරු රැසක් සිව්වන වටයට සුදුසුකම් ලබයි.

Australian Open day five in Melbourne

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Australian Open 2017



Skip to article content

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017, පස්වන දිනය වන ඊයේ (20 /01) දිනයේදී ලෝක කාන්තා ටෙනිස් ශූරිය වන ජර්මනියේ Angelique Kerber, චෙක් ජනරජයේ Kristyna Pliskova පරාජයට පත් කළ අතර ලොව අංක 17 පසු වන ස්විට්සර්ලන්තයේ Roger Federer, අංක 10 පසුවන චෙක් ජනරජයේ Tomas Berdych පරාජයට පත් කළේය.

ලොව අංක එකේ පසුවන මහා බ්‍රිතාන්‍යයේ Andy Murray, ඇමෙරිකාවේ Sam Querrey පරාජයට පත් කළ අතර ඇමෙරිකාවේ Venus Williams, චීනයේ Ying-Ying Duan ඉතා පහසුවෙන් පරාජයට පත් කළාය.

මේ අතර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තරග වැදුණු Bernard Tomic සහ Ashleigh Barty හට සිව්වන වටය සඳහා සුදුසුකම් ලැබීමට නොහැකි විය.

ඊයේ (20/01) දිනයේ තරග සාරාංශය පහත පරිදි වේ.

  • ඇමෙරිකාවේ Coco Vandeweghe, කැනඩාවේ Eugenie Bouchard 6-4, 3-6 සහ 7-5 ලෙස පරාජයට පත් කළාය.
  • ජර්මනියේ Angelique Kerber, චෙක් ජනරජයේ Kristyna Pliskova 6-0 සහ 6-4 ලෙස පරාජයට පත් කළාය.
  • ස්විට්සර්ලන්තයේ Stan Wawrinka, සර්බියාවේ Viktor Troicki 3-6, 6-2, 6-2 සහ 7-6 ලෙස පරාජයට පත් කළේය.
  • මහා බ්‍රිතාන්‍යයේ Mona Barthel, ඔස්ට්‍රේලියාවේ Ashleigh Barty 6-4, 3-6 සහ 6-3 ලෙස පරාජයට පත් කළාය.
  • ස්විට්සර්ලන්තයේ Roger Federer, චෙක් ජනරජයේ Tomas Berdych 6-2, 6-4 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
  • රුසියාවේ Anastasia Pavlyuchenkova, යුක්රේනයේ Elina Svitolina 7-5, 4-6 සහ  6-3 ලෙස පරාජයට පත් කළාය.
  • ප්‍රංශයේ Jo-Wilfried Tsonga, ඇමෙරිකාවේ Jack Sock 7-6, 7-5, 6-7 සහ 6-3 ලෙස පරාජයට පත් කළේය.
  • ඇමෙරිකාවේ Venus Williams, චීනයේ Ying-Ying Duan 6-1 සහ 6-0 ලෙස පරාජයට පත් කළාය.
  • රුසියාවේ Svetlana Kuznetsova, සර්බියාවේ Jelena Jankovic 6-4, 5-7 සහ 9-7 ලෙස පරාජයට පත් කළාය.
  • මහා බ්‍රිතාන්‍යයේ Andy Murray, ඇමෙරිකාවේ Sam Querrey 6-4, 6-2 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
  • මහා බ්‍රිතාන්‍යයේ Daniel Evans, ඔස්ට්‍රේලියාවේ  Bernard Tomic 7-5, 7-6 සහ 7-6 ලෙස පරාජයට පත් කළේය.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now