ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017, සය වන දිනය ඊයේ (21 /01) දිනයේදී නිමාවට පත් විය.
පසුගිය සිකුරාදා දිනය (20/01) ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩා ලෝලීන්ට එතරම් සුබදායී වුයේ නැත. මන්ද ඔස්ට්‍රේලියාවේ බලාපොරොත්තු දෙකක් වූ Ashleigh Barty සහ Bernard Tomic සිකුරාදා දිනයේදී පැවති තරගවලින් පරාජය වීමත් සමග මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීමය.
නමුත් ඊයේ (21/01) දිනයේදී කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල අංක විසි දෙකේ පසුවන ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකා Daria Gavrilova, ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩා ලෝලීන්ට තවත් බලාපොරොත්තුවක් ගෙන දෙන්නට සමත් වුයේ අංක දොළහේ පසුවන ස්විට්සර්ලන්තයේ Timea Bacsinszky පරාජයට පත් කරමින් අවසාන 16 දෙනා අතරට සුදුසුකම් ලැබීමත් සමගය.
මීට අමතරව ලෝක ටෙනිස් තරු දෙකක් වන කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල අංක දෙකේ පසුවන ඇමෙරිකාවේ Serena Williams සහ පිරිමි ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල අංක නවයේ පසුවන ස්පාඤ්ඤයේ Rafael Nadal ද අවසන් 16 දෙනා අතරට ඉතා පහසුවෙන් සුදුසුකම් ලැබීමට සමත් විය.
ඊයේ (21/01) දිනයේ තරග සාරාංශය පහත පරිදි වේ.
- රුසියාවේ Ekaterina Makarova, ස්ලෝවේකියාවේ Dominika Cibulkova 6-2, 6-7 සහ 6-3 ලෙස පරාජයට පත් කළාය.
- ඇමෙරිකාවේ Serena Williams, ඇමෙරිකාවේ Nicole Gibbs 6-1 සහ 6-3 ලෙස පරාජයට පත් කළාය.
- ස්පාඤ්ඤයේ Rafael Nadal, ජර්මනියේ Alexander Zverev 4-6, 6-3, 6-7, 6-3 සහ 6-2 ලෙස පරාජයට පත් කළේය.
- ඔස්ට්‍රේලියාවේ Daria Gavrilova, ස්විට්සර්ලන්තයේ Timea Bacsinszky 6-3, 5-7 සහ 6-4 ලෙස පරාජයට පත් කළාය.
- චෙක් ජනරජයේ Barbora Strycova, ප්‍රංශයේ Caroline Garcia 6-2 සහ 7-5 ලෙස පරාජයට පත් කළාය.
- ඔස්ට්‍රියාවේ Dominic Thiem, ප්‍රංශයේ Benoit Paire 6-1, 4-6, 6-4 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
- මහා බ්‍රිතාන්‍යයේ Johanna Konta, ඩෙන්මාර්කයේ Caroline Wozniacki 6-3 සහ 6-1 ලෙස පරාජයට පත් කළාය.
- ප්‍රංශයේ Gael Monfils, ජර්මනියේ Philipp Kohlschreiber 6-3, 7-6 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
- චෙක් ජනරජයේ Karolina Pliskova, ලැට්වියාවේ Jelena Ostapenko 4-6, 6-0 සහ 10-8 ලෙස පරාජයට පත් කළාය.
- බෙල්ජියමේ David Goffin, ක්‍රොයේෂියාවේ Ivo Karlovic 6-3, 2-6 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
- කැනඩාවේ Milos Raonic, ප්‍රංශයේ Gilles Simon 6-2, 7-6, 3-6 සහ 6-3 ලෙස පරාජයට පත් කළේය.

