ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017, සත් වන දිනය ඊයේ (22 /01) දිනයේදී නිමාවට පත් විය.
එහිදී ලෝක ටෙනිස් පිටියේ පිරිමි අංශයේ අංක එකේ ස්ථානයේ පසුවන මහා බ්‍රිතාන්‍යයේ Andy Murray, ජර්මනියේ Mischa Zverev හට පරාජයට පත් වූ අතර ලෝක ටෙනිස් පිටියේ කාන්තා අංශයේ අංක එකේ ස්ථානයේ පසුවන ජර්මනියේ Angelique Kerber, ඇමෙරිකාවේ Coco Vandeweghe හට පරාජයට පත්වීම විශේෂිත වූ සිදුවීම් ද්විත්වයක් විය.
නමුත් ස්විට්සර්ලන්තයේ Roger Federer සහ ඇමෙරිකාවේ Venus Williams ඊයේ පැවති තරගවලින් ජය ලබා ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ඊයේ (22/01) දිනයේ තරග සාරාංශය පහත පරිදි වේ.
- රුසියාවේ Anastasia Pavlyuchenkova, රුසියාවේ Svetlana Kuznetsova 6-3 සහ 6-3 ලෙස පරාජයට පත් කළාය.
- ඇමෙරිකාවේ Venus Williams, ජර්මනියේ Mona Barthel 6-3 සහ 7-5 ලෙස පරාජයට පත් කළාය.
- ජර්මනියේ Mischa Zverev, මහා බ්‍රිතාන්‍යයේ Andy Murray 7-5, 5-7, 6-2 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
- ස්විට්සර්ලන්තයේ Roger Federer, ජපානයේ Kei Nishikori 6-7, 6-4, 6-1, 4-6 සහ 6-3 ලෙස පරාජයට පත් කළේය.
- ඇමෙරිකාවේ Coco Vandeweghe, ජර්මනියේ Angelique Kerber 6-2 සහ 6-3 ලෙස පරාජයට පත් කළාය.
- ස්විට්සර්ලන්තයේ Stan Wawrinka, ඉතාලියේ Andreas Seppi 7-6, 7-6 සහ 7-6 ලෙස පරාජයට පත් කළේය.
- ස්පාඤ්ඤයේ Garbine Muguruza, රුමේනියාවේ Sorana Cirstea 6-2 සහ 6-3 ලෙස පරාජයට පත් කළාය.
- ප්‍රංශයේ Jo-Wilfried Tsonga, මහා බ්‍රිතාන්‍යයේ Daniel Evans 6-7, 6-2, 6-4 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.

