SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 : අට වන දිනයේදී Serena Williams සහ ස්පාඤ්ඤයේ Rafael Nadal අර්ධ අවසන් පූර්ව වටයට.

Australian Open 2017
Source: www.piodeportes.com

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Australian Open 2017



Skip to article content

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017, අට වන දිනය ඊයේ (23 /01) දිනයේදී නිමාවට පත් විය.

එහිදී ඇමෙරිකාවේ Serena Williams සහ ස්පාඤ්ඤයේ Rafael Nadal අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර ඔස්ට්‍රේලියාවේ අවසන් බලාපොරොත්තුව වූ Daria Gavrilova, චෙක් ජනරජයේ Karolina Pliskova අතින් පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

ඊයේ (23/01) දිනයේ තරග සාරාංශය පහත පරිදි වේ.

  • ඇමෙරිකාවේ Serena Williams, චෙක් ජනරජයේ Barbora Strycova 7-5 සහ 6-4 ලෙස පරාජයට පත් කළාය.
  • බෙල්ජියමේ David Goffin, ඔස්ට්‍රියාවේ Dominic Thiem 5-7, 7-6, 6-2 සහ 6-2 ලෙස පරාජයට පත් කළේය.
  • චෙක් ජනරජයේ Karolina Pliskova, ඔස්ට්‍රේලියාවේ Daria Gavrilova 6-3 සහ 6-3 ලෙස පරාජයට පත් කළාය.
  • ස්පාඤ්ඤයේ Rafael Nadal, ප්‍රංශයේ Gael Monfils 6-3, 6-3, 4-6 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
  • මහා බ්‍රිතාන්‍යයේ Johanna Konta, රුසියාවේ Ekaterina Makarova 6-1 සහ 6-4 ලෙස පරාජයට පත් කළාය.
  • ක්‍රොයේෂියාවේ Mirjana Lucic-Baroni, ඇමෙරිකාවේ Jennifer Brady 6-4 සහ 6-2 ලෙස පරාජයට පත් කළාය.
  • බල්ගේරියාවේ Grigor Dimitrov, උස්බකිස්තානයේ Denis Istomin 2-6, 7-6, (7-2), 6-2 සහ 6-1 ලෙස පරාජයට පත් කළේය.
  • කැනඩාවේ Milos Raonic, ස්පාඤ්ඤයේ Roberto Bautista 7-6, (8-6), 3-6, 6-4 සහ 6-1 ලෙස පරාජයට පත් කළේය.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now