SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 : නව වන දිනයේදී ඇමෙරිකාවේ Venus Williams සහ ස්විට්සර්ලන්තයේ Roger Federer අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

Australian Open 2017 - Day 9

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Australian Open 2017



Skip to article content

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017, නව වන දිනය ඊයේ (24 /01) දිනයේදී නිමාවට පත් විය.

එහිදී ඇමෙරිකාවේ Venus Williams හා Coco Vandeweghe මෙන්ම ස්විට්සර්ලන්තයේ Roger Federer හා Stan Wawrinka අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.

මීට අමතරව ඊයේ දිනයේදී යුගල තරගද ආරම්භ විය.

ඊයේ (24/01) දිනයේ තරග සාරාංශය පහත පරිදි වේ.

අර්ධ අවසන් පූර්ව තරග ප්‍රතිපල

  • ඇමෙරිකාවේ Venus Williams, රුසියාවේ Anastasia Pavlyuchenkova 6-4 සහ 7-6 ලෙස පරාජයට පත් කළාය.
  • ඇමෙරිකාවේ Coco Vandeweghe, ස්පාඤ්ඤයේ Garbiñe Muguruza 6-4 සහ 6-0 ලෙස පරාජයට පත් කළාය.
  • ස්විට්සර්ලන්තයේ Stan Wawrinka, ප්‍රංශයේ Jo-Wilfried Tsonga 7-6, 6-4 සහ 6-3 ලෙස පරාජයට පත් කළේය.
  • ස්විට්සර්ලන්තයේ Roger Federer, ජර්මනියේ Mischa Zverev 6-1, 7-5 සහ 6-2 ලෙස පරාජයට පත් කළේය.

යුගල තරග සාරාංශය

  • ප්‍රංශයේ Caroline Garcia හා Kristina Mladenovic, ඔස්ට්‍රේලියාවේ Ashleigh Barty හා Casey Dellacqua  1-6, 6-2 සහ 6-1 ලෙස පරාජයට පත් කළෝය.
  • ඇමෙරිකාවේ Bob Bryan හා Mike Bryan, ක්‍රොයේෂියාවේ Ivan Dodig හා ස්පාඤ්ඤයේ Marcel Granollers  7-6, 5-7 සහ 6-4 ලෙස පරාජයට පත් කළෝය.
  • ඔස්ට්‍රේලියාවේ Samantha Stosur හා Sam Groth, ක්‍රොයේෂියාවේ Darija Jurak හා නෙදර්ලන්තයේ Jean-Julien Rojer 7-6 සහ 7-5 ලෙස පරාජයට පත් කළෝය.
  • ස්පාඤ්ඤයේ Pablo Carreno Busta හා Guillermo Garcia-Lopez, ඔස්ට්‍රේලියාවේ Alex Bolt හා Bradley Mousley 7-6, 4-6 සහ 6-3 ලෙස පරාජයට පත් කළෝය.
  • ඇමෙරිකාවේ Bethanie Mattek-Sands හා චෙක් ජනරජයේ Lucie Safarova, ඇමෙරිකාවේ Raquel Atawo හා චීනයේ Yifan Xu 6-1 සහ 6-1 ලෙස පරාජයට පත් කළෝය.
  • චෙක් ජනරජයේ Andrea Hlavackova හා චීනයේ Shuai Peng, රුසියාවේ Ekaterina Makarova හා Elena Vesnina 7-5 සහ 7-6 ලෙස පරාජයට පත් කළෝය.
  • ඇමෙරිකාවේ Bethanie Mattek-Sands හා Mike Bryan, චීනයේ Yifan Xu හා ප්‍රංශයේ Fabrice Martin  6-3 සහ 6-2 ලෙස පරාජයට පත් කළෝය.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now