2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 3 වන දිනය : වසර 20 ක ටෙනිස් ඉතිහාසය නැවත ලියවෙයි.

Australian Open Day Three

Source: SBS

2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන දිනය වන ඊයේ (17/01) දිනයේදී ටෙනිස් ඉතිහාසය නැවත ලියන්නට  යුක්රේනයේ 15 හැවිරිදි Marta Kostyuk සමත් විය.

Grand Slam ශූරතාවක තුන්වන වටය සඳහා වසර 20 කට පසුව ලාබාලතම ටෙනිස් ක්‍රීඩිකාවක් සුදුසුකම් ලැබීම එම සිදුවීම වේ.

මීට පෙර මෙම දස්කම පා ඇත්තේ ලොව බිහිවූ සුපිරි ටෙනිස් තරුවක් වන Martina Hingis විසිනි. ඒ 1997 වසරේදීය.
මේ අතර ඊයේ දිනයේදී සැවොම මවිත කරවූ තවත් සිද්ධියක් සිදුවිය.

එනම් 2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පළමු දිනයේදීම ගියවර කාන්තා අනු ශූරිය වන ඇමෙරිකාවේ වීනස් විලියම්ස් ව පරාජයට පත් කළ ස්විට්සර්ලන්තයේ Belinda Bencic ව තායිලන්ත ක්‍රීඩිකා Luksika Kumkhum විසින් පරාජයට පත් කිරීමය.
Australian Open 2018
Belinda Bencic, right, lost in straight sets to the Thai qualifier Luksika Kumkhum Source: AP
මේ අතර දැනට ලොව ජාත්‍යන්තර ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාව සිටින ස්පාඤ්ඤයේ Rafael Nadal ඊයේ දිනයේදී ආර්ජන්ටිනාවේ  Leonardo Mayer ව පාරජයට පත් කරමින් තුන්වන වටය සඳහා තේරී පත් විය.

ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ ටෙනිස් බලාපොරොත්තුව වන Nick Kyrgios සර්බියාවේ Viktor Troicki ව 7-5 6-4 7-6 ලෙස පරාජයට පත් කරමින් තුන්වන වටය සඳහා ඊයේ දිනයේදී තේරී පත් විය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන දිනයේ තරග සාරාංශය පහත පරිදි වේ.

ROD LAVER ARENA

Elina Svitolina (UKR) 4-6 6-2 6-1 ක් ලෙස Katerina Siniakova (CZE) ව පරාජයට පත් කළාය.

Caroline Wozniacki (DEN) 3-6 6-2 7-5 ක් ලෙස Jana Fett (CRO) පරාජයට පත් කළාය.

Rafael Nadal (ESP) 6-3 6-4 7-6 ක් ලෙස Leonardo Mayer (ARG) පරාජයට පත් කළේය.

Grigor Dimitrov (BUL) 4-6 6-2 6-4 0-6 8-6 ක් ලෙස Mackenzie Donald (USA) පරාජයට පත් කළේය.

Daria Gavrilova (AUS) 5-7 3-6 ක් ලෙස Elise Mertens (BEL) පරාජයට පත් කළාය.

MARGARET COURT ARENA

Marta Kostyuk (UKR)  6-3 7-5 ක් ලෙස Olivia Rogowska (AUS) පරාජයට පත් කළාය.

Jo-Wilfried Tsonga (FRA) 3-6 6-3 1-6 7-6 7-5 ක් ලෙස Denis Shapovalov (CAN) පරාජයට පත් කළේය.

Jelena Ostapenko (LAT) 6-3 3-6 6-4 ක් ලෙස Ying-Ying Duan (CHI) පරාජයට පත් කළේය.

Alize Cornet (FRA) vs (12)  6-4 6-3 ක් ලෙස Julia Goerges (GER) පරාජයට පත් කළාය.

Alexandr Dolgopolov (UKR) 7-6 6-3 6-4 ක් ලෙස Matthew Ebden (AUS) පරාජයට පත් කළේය.

HISENSE ARENA

Kateryna Bondarenko (UKR) 6-2 6-3 ක් ලෙස (15) Anastasia Pavlyuchenkova (RUS) පරාජයට පත් කළාය.

Luksika Kumkhum (THA)  6-1 6-3 ක් ලෙස Belinda Bencic (SUI) පරාජයට පත් කළාය.

Marin Cilic (CRO) 6-1 7-5 6-2 ක් ලෙස Joao Sousa (POR) පරාජයට පත් කළේය.

Nick Kyrgios (AUS) 7-5 6-4 7-6 ක් ලෙස Viktor Troicki (SER)  පරාජයට පත් කළේය.


Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service