Australian Open 2019, Day 03: Federer, Nadal, Kerber, Sharapova සමග ඔස්ට්‍රේලියාවේ ටෙනිස් බලාපොරොත්තු තුන්වන වටයට.

Australian Open 2019

Source: SBS

2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන දිනය වන ඊයේ (16/01) දිනය අවසාන වන විට සුපිරි ටෙනිස් ශූරයින් වන Roger Federer, Rafael Nadal, Marin Cilic, Alex de Minaur තුන්වන වටයට සුදුසුකම් ලැබීය.

එමෙන්ම කාන්තා ටෙනිස් ශූරයින් වන Angelique Kerber,Caroline Wozniacki, Sloane Stephens, Ashleigh Barty සහ Maria Sharapova ද තුන්වන වටයට සුදුසුකම් ලැබීය.

ඊයේ පැවති ප්‍රධාන තරග වල සාරාංශය පහත පරිදි වේ.

ROD LAVER ARENA

Sloane Stephens (ඇමෙරිකාව) 6-3 සහ 6-1 ක් ලෙස Tímea Babos (හංගේරියාව) පරාජයට පත් කළාය.

Ashleigh Barty (ඔස්ට්‍රේලියාව) 6-2 සහ 6-3 ක් ලෙස Wang Yafan (චීනය) පරාජයට පත් කළාය.

Angelique Kerber (ජර්මනිය) 6-2 සහ 6-3 ක් ලෙස Beatriz Haddad Maia (බ්‍රසීලය) පරාජයට පත් කළාය.

Roger Federer (ස්විට්සර්ලන්තය) 7-6, 7-6 සහ 6-3 ක් ලෙස Dan Evans (එක්සත් රාජධානිය) පරාජයට පත් කළේය.

Rafael Nadal (ස්පාඤ්ඤය) 6-3, 6-2 සහ 6-2 ක් ලෙස Matthew Ebden (ඔස්ට්‍රේලියාව) පරාජයට පත් කළේය.

MARGARET COURT ARENA

Alex de Minaur (ඔස්ට්‍රේලියාව) 6-4, 6-2, 6-7, 4-6 සහ 6-3 ක් ලෙස Henri Laaksonen (ස්විට්සර්ලන්තය) පරාජයට පත් කළේය.

Maria Sharapova (රුසියාව) 6-2 සහ 6-1 ක් ලෙස Rebecca Peterson (ස්වීඩනය) පරාජයට පත් කළාය.

Caroline Wozniacki (ඩෙන්මාර්කය) 6-1 සහ 6-3 ක් ලෙස Johanna Larsson (ස්වීඩනය) පරාජයට පත් කළාය.

MELBOURNE ARENA

Marin Cilic (ක්‍රොයේෂියාව) 7-5, 6-7, 6-4 සහ  6-4 ක් ලෙස Mackenzie McDonald (ඇමෙරිකාව) පරාජයට පත් කළේය.

Australian Open
Kevin Anderson Source: SBS

මේ අතර ලොව අංක 5 හේ ටෙනිස් ක්‍රීඩක දකුණු අප්‍රිකාවේ Kevin Anderson ඊයේ දිනයේදී ඇමෙරිකානු ක්‍රීඩක Frances Tiafoe අතින් පරාජයට පත්වී මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්ව ගියේය.

ඕස්ට්‍රේලියානු තරුණ ටෙනිස් ක්‍රීඩක ඇලෙක්ස් ඩිමිනොර් ගැන විශේෂ අවධානයක්

මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට සහභාගී වන 19 හැවිරිදි ඕස්ට්‍රේලියානු තරුණ ටෙනිස් ක්‍රීඩක ඇලෙක්ස් ඩිමිනොර් කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබේ. ඔහු ආරම්භක දිනයේදීම දෙවන වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර ඊයේ (16) ස්විට්සර්ලන්ත ක්‍රීඩක හෙන්රි ලාක්සෝනන් සමඟ පැවති තරඟයෙන් ද ජය ලබා තුන්වන වටයට තේරී පත්විණ.

ඒ අනුව ඔහු තම තුන්වන වටය සඳහා ලෝකප්‍රකට ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් සමඟ හෙට දිනයේදී (Jan 19) තරඟ වැදීමට නියමිතයි. තමා ඒ සඳහා නොයිවසිල්ලෙන් පසුවන බව ඕස්ට්‍රේලියානු තරුණ ටෙනිස් ක්‍රීඩක ඇලෙක්ස් ඩිමිනොර් ඊයේ ස්විට්සර්ලන්ත ක්‍රීඩක හෙන්රි ලාක්සෝනන් සමඟ පැවති තරඟයෙන් අනතුරුව චැනල් 9 මාධ්‍යට පවසා සිටියේය.

අද (17/01) 2019 ඔස්ට්‍රේලියානු විවෘත් ටෙනිස්  තරගාවලියේ සිව්වන දිනය වේ.


2 min read

Published

Updated

By Madhura Seneviratne, Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now