Australian Open 2019, Day 05: Federer, Nadal, Kerber, Sharapova සිව්වන වටයට යන විට ඔස්ට්‍රේලියාවේ ටෙනිස් බලාපොරොත්තුවක් ගිලිහෙයි.

Australian Open 2019

Source: AAP

2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පස්වන දිනය වන ඊයේ (18/01) දිනය අවසාන වන විට සුපිරි ටෙනිස් ශූරයින් වන Roger Federer, Rafael Nadal, Marin Cilic, සිව්වන වටයට සුදුසුකම් ලැබීය.
 
එමෙන්ම කාන්තා ටෙනිස් ශූරයින් වන Angelique Kerber, Sloane Stephens, Ashleigh Barty සහ Maria Sharapova ද සිව්වන වටයට සුදුසුකම් ලැබීය.
 
ඊයේ පැවති ප්‍රධාන තරග වල සාරාංශය පහත පරිදි වේ.

ROD LAVER ARENA


Ashleigh Barty (ඔස්ට්‍රේලියාව) 7-5 සහ 6-1 ක් ලෙස Maria Sakkari  (ග්‍රීසිය) පරාජයට පත් කළාය.
 
Maria Sharapova (රුසියාව) 6-4, 4-6 සහ 6-3 ක් ලෙස Caroline Wozniacki (ඩෙන්මාර්කය) පරාජයට පත් කළාය.
 
Angelique Kerber (ජර්මනිය) 6-1 සහ 6-0 ක් ලෙස Kimberly Birrell (ඔස්ට්‍රේලියාව) පරාජයට පත් කළාය.
 
Roger Federer (ස්විට්සර්ලන්තය) 6-2, 7-5 සහ 6-2 ක් ලෙස Taylor Fritz  (ඇමෙරිකාව) පරාජයට පත් කළේය.
 
Rafael Nadal (ස්පාඤ්ඤය) 6-1, 6-2 සහ 6-4 ක් ලෙස Alex de Minaur (ඔස්ට්‍රේලියාව) පරාජයට පත් කළේය.

MARGARET COURT ARENA


Sloane Stephens (ඇමෙරිකාව) 7-6 සහ 7-6 ක් ලෙස Petra Martić (ක්‍රොයේෂියාව) පරාජයට පත් කළාය.
 
Amanda Anisimova (ඇමෙරිකාව) 6-3 සහ 6-2 ක් ලෙස Aryna Sabalenka (බෙලොරුසියාව) පරාජයට පත් කළාය.
 
Marin Cilic (ක්‍රොයේෂියාව) 4-6, 3-6, 6-1, 7-6 සහ  6-3 ක් ලෙස Fernando Verdasco (ස්පාඤ්ඤය) පරාජයට පත් කළේය.
Australian Open 2019
Rafael Nadal ended Alex de Minaur's Australian Open campaign with a convincing victory. Source: AAP

ඔස්ට්‍රේලියානු බලාපොරොත්තුවක් බිඳ වැටෙයි.


මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ප්‍රධාන ඔස්ට්‍රේලියානු බලාපොරොත්තුවක් වූ තරුණ ක්‍රීඩක Alex de Minaur ඊයේ සුපිරි ස්පාඤ්ඤ ටෙනිස් ක්‍රීඩක Rafael Nadal අතින් පරාජයට පත් විය.
 
එමෙන්ම පසුගිය වසර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ ශූරිය වූ ඩෙන්මාර්කයේ Caroline Wozniacki, සුපිරි රුසියානු ටෙනිස් ක්‍රීඩිකා Maria Sharapova අතින් පරාජයට පත් විය.
 
ඒ  අනුව Alex de Minaur සහ Caroline Wozniacki හට මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට යාමට සිදුවිය.
 
 

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service