SKIP TO MAIN CONTENT

Australian Open 2019, Day 06: විලියම්ස් සොයුරියෝ දෙකට කැඩෙති.

Australian Open 2019
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ හයවන දිනය වන ඊයේ (19/01) දිනය අවසාන වන විට සුපිරි ටෙනිස් ශූරයින් වන Novak Djokovic, Kei Nishikori, Alexander Zverev සිව්වන වටයට සුදුසුකම් ලැබීය.

 

මෙන්ම කාන්තා ටෙනිස් ශූරයින් වන Simona Halep, Serena Williams සහ  Naomi Osaka ද සිව්වන වටයට සුදුසුකම් ලැබීය.

 

ඊයේ පැවති ප්‍රධාන තරග වල සාරාංශය පහත පරිදි වේ.

ROD LAVER ARENA

Elina Svitolina (යුක්රේනය) 4–6, 6–4 සහ 7–5  ක් ලෙස Zhang Shuai  (චීනය) පරාජයට පත් කළාය.

 

Serena Williams (ඇමෙරිකාව) 6–2 සහ 6–1  ක් ලෙස Dayana Yastremska  (යුක්රේනය) පරාජයට පත් කළාය.

 

Novak Djokovic (සර්බියාව) 6–3, 6–4, 4–6 සහ 6–0 ක් ලෙස Denis Shapovalov  (කැනඩාව) පරාජයට පත් කළේය.

 

Alexander Zverev (ජර්මනිය) 6–3, 6–3 සහ 6–2  ක් ලෙස Alex Bolt (ඔස්ට්‍රේලියාව) පරාජයට පත් කළේය.

MARGARET COURT ARENA

Naomi Osaka (ජපානය) 5–7, 6–4 සහ 6–1  ක් ලෙස Hsieh Su-wei (චීන - තායිපේ) පරාජයට පත් කළාය.

 

Simona Halep (රොමේනියාව) 6−2 සහ 6−3  ලෙස Venus Williams (ඇමෙරිකාව) පරාජයට පත් කළාය.

Image

විලියම්ස් සොයුරියෝ දෙකට කැඩෙති.

ටෙනිස් ලෝකයේ නමක් දිනූ සොයුරියන් දෙදෙනකු වන ඇමෙරිකාවේ Venus Williams සහ Serena Williams යන දෙපළම ඊයේ තරග වැදුණු නමුත් මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ සිව්වන වටයට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබුණේ Serena Williams පමණි.

 

දැනට ලෝකයේ අංක එකේ ටෙනිස් ශූරිය වන රොමේනියාවේ Simona Halep අතින් Venus Williams ඊයේ දිනයේ පරාජයට පත්වීමෙන් ඇයට මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

 

Venus Williams මේ වන විට ලොව අංක 38 ටෙනිස් ක්‍රීඩිකාව වන අතර මේ දක්වා ඇය කාන්තා කේවල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවන් 10 ක් දිනාගැනීමට පහත අයුරින් සමත්වී තිබේ.

 

  • Wimbledon (2000, 2001, 2005, 2007, 2008)
  • US Open (2000, 2001)

 

නමුත් ඇයට තවමත් ඔස්ට්‍රේලියානු හෝ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියක කාන්තා කේවල ශූරතාවක් දිනාගැනීමට නොහැකිවී ඇත.

 

2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අද (20/01) 7 වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now