SKIP TO MAIN CONTENT

Australian Open 2019, Day 10: සෙරීනාගේ ලෝක වාර්තා සිහිනය බොඳ වෙයි.

Australian Open 2019
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ 10 වන දිනය වන ඊයේ (23/01) දිනය අවසාන වන විට කේවල අංශයන්හි සියලු අර්ධ අවසන් පූර්ව තරග අවසානයට පත්ව අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූවන් ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව ඊයේ දිනයේ අර්ධ අවසන් පූර්ව තරග වලින් සුපිරි ටෙනිස් ශූර සහ ලොව දැනට අංක එකේ පසුවන සර්බියාවේ Novak Djokovic සහ ප්‍රංශයේ Lucas Pouille අවසන් පූර්ව වටයට තේරී පත් විය.

එමෙන්ම කාන්තා ටෙනිස් ශූරියන් වන ජපානයේ Naomi Osaka  සහ චෙක් ජන රජයේ Karolína Plíšková ද ඊයේ දිනයේදී  අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවෝය.

ඊයේ පැවති ප්‍රධාන තරග වල සාරාංශය පහත පරිදි වේ.

ROD LAVER ARENA

Naomi Osaka (ජපානය) 6-4 සහ 6–1 ක් ලෙස Elina Svitolina  (යුක්රේනය) පරාජයට පත් කළාය.

Karolína Plíšková (චෙක් ජන රජය) 6−4, 4−6 සහ 7−5  ක් ලෙස Serena Williams (ඇමෙරිකාව) පරාජයට පත් කළාය.

Novak Djokovic (සර්බියාව) 6–1  සහ 4–1 ක් ලෙස  Kei Nishikori (ජපානය) පරාජයට පත් කළේය.

Australian Open 2019
Karolina Pliskova of the Czech Republic defeated Serena Williams of the United States. Source: AAP

සෙරීනාගේ ලෝක වාර්තා සිහිනය බොඳ වෙයි.

ලෝක ශූර ඇමෙරිකානු ක්‍රීඩිකා Serena Williams ඊයේ දිනයේදී චෙක් ජන රජයේ Karolína Plíšková අතින් පරාජයට පත්වීම මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය වික්ෂිප්ත කළ තවත් සිදුවීමක් විය.

ඒ අනුව Serena Williams ට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට ඊයේ දිනයේ සිදුවිය.

ඒ අනුව Serena Williams ගේ ලෝක වාර්තා සිහිනයද බොඳව යන්නට විය.

මේ වන විට Serena Williams ජයග්‍රහණය කර ඇති මුළු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාව 23 කි.

ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරිය වන Margaret Court ගේ වාර්තාව සම කිරීමට Serena හට ලබාගත යුත්තේ තවත් එක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් වන අතර මෙවර කාන්තා ශූරතාව දිනාගත්තා නම් ඇය එම ලෝක වාර්තාව සම කිරීමට සමත් වෙයි.

Australian Open 2019
Stefanos Tsitsipas & Rafael Nadal Source: SBS

අද දිනෙය් අවසන් පූර්ව තරග

අද දිනයේදී (24/01) කාන්තා කේවල අංශයේ අවසන් පූර්ව තරග ද්විත්වයම සහ පිරිමි කේවල අංශයේ එක් අවසන් පූර්ව තරගයක් පැවැත්වීමට නියමිතය.

එම තරග පහත පරිදි වේ.

ROD LAVER ARENA

Petra Kvitová (චෙක් ජන රජය) සමග Danielle Collins (ඇමෙරිකාව) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 2 ට.

Karolína Plíšková (චෙක් ජන රජය) සමග Naomi Osaka (ජපානය) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 3.30 ට.

Stefanos Tsitsipas (ග්‍රීසිය) සමග Rafael Nadal (ස්පාඤ්ඤය) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 7.30 ට.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now