SKIP TO MAIN CONTENT

Australian Open 2019, Day 11: Nadal, Naomi සහ Kvitová අවසන් මහා තරග වලට.

Australian Open 2019
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ 11 වන දිනය වන ඊයේ (24/01) දිනය අවසාන වන විට කාන්තා කේවල අංශයේ අවසන් පූර්ව තරග ද්විත්වයම සහ පිරිමි කේවල අංශයේ එක් අවසන් පූර්ව තරගයක් අවසානයට පත්විය.

ඒ අනුව ඊයේ දිනයේ කාන්තා අවසන් පූර්ව තරග වලින් කාන්තා ටෙනිස් ශූරියන් වන ජපානයේ Naomi Osaka  සහ චෙක් ජන රජයේ Petra Kvitová ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවෝය.

එමෙන්ම ඊයේ පැවති පිරිමි කේවල අංශයේ ප්‍රථම අවසන් පූර්ව තරගයෙන් ග්‍රීසියේ Stefanos Tsitsipas පරාජයට පත් කරමින් ස්පාඤ්ඤයේ Rafael Nadal අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

ඊයේ පැවති ප්‍රධාන තරග වල සාරාංශය පහත පරිදි වේ.

ROD LAVER ARENA

Naomi Osaka (ජපානය) 6–2, 4–6 සහ 6–4  ක් ලෙස Karolína Plíšková (චෙක් ජන රජය) පරාජයට පත් කළාය.

Petra Kvitová (චෙක් ජන රජය) 7–6(7–2) සහ 6–0 ක් ලෙස Danielle Collins (ඇමෙරිකාව) පරාජයට පත් කළාය.

Rafael Nadal (ස්පාඤ්ඤය)  6–2, 6–4 සහ 6–0 ක් ලෙස Stefanos Tsitsipas (ග්‍රීසිය) පරාජයට පත් කළේය.

අද දිනෙය් අවසන් පූර්ව තරග

අද දිනයේදී (25/01) පිරිමි කේවල අංශයේ දෙවැනි අවසන් පූර්ව තරගය පහත පරිදි පැවැත්වීමට නියමිතය.

ROD LAVER ARENA

Novak Djokovic (සර්බියාව) 6–1  සමග Lucas Pouille (ප්‍රංශය) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 7.30 ට.

Image

අවසන් මහා තරග

කාන්තා කේවල අංශයේ අවසන් මහා තරගය හෙට (26/01) දිනයේ ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 7.30 ට ජපානයේ Naomi Osaka සහ චෙක් ජන රජයේ Petra Kvitová  අතර Rod Laver Arena හිදී පැවැත්වීමට නියමිතය.

පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගය ඉරිදා (27/01) දිනයේ ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 7.30 ට ස්පාඤ්ඤයේ Rafael Nadal සහ අද දිනයේ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයා අතර Rod Laver Arena හිදී පැවැත්වීමට නියමිතය.

සුපිරි ටෙනිස් ශූර සහ ලොව දැනට අංක එකේ පසුවන සර්බියාවේ Novak Djokovic අද දිනයේ අවසන් පූර්ව තරගයෙන් ජයගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව ටෙනිස් ප්‍රවීණයින් මත පළ කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now