Australian Open Tennis 8 වන දිනය : කොරියාවේ පොඩි කොල්ලෙක් සුපිරි Djokovic ව ගෙදර යවයි.

Hyeon Chung defeated Novak Djokovic

Hyeon Chung defeated Novak Djokovic Source: AAP

2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ 8 වන දිනය වන ඊයේ (22/01) දිනයේදී දකුණු කොරියාවේ 21 හැවිරිදි තරුණ ටෙනිස් ක්‍රීඩක Hyeon Chung විසින් ලෝකයේ හිටපු අංක එකේ ටෙනිස් ශූරයෙකු වන සර්බියාවේ Novak Djokovic ව  7-6 7-5 7-6 ක් ලෙස පරාජයට පත් කිරීම සමස්ත ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියම හෙල්ලුම් කෑ පුවතක් විය.

ඒ අනුව Hyeon Chung මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසාන පූර්ව තරග සඳහා තේරී පත්වුයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියකදී අර්ධ අවසාන පූර්ව තරගයකට සුදුසුකම් ලැබූ ලොව ප්‍රථම දකුණු කොරියානු ටෙනිස් ක්‍රීඩකයා ලෙසය.

ඊට අමතරව පසුගිය ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ ශූරයා වූ ස්විට්සර්ලන්තයේ Roger Federer, හංගේරියාවේ  Marton Fucsovics ව 6-4 7-6 6-2 ලෙස පරාජයට පත් කරමින් අර්ධ අවසාන පූර්ව වටයට ඊයේ සුදුසුකම් ලැබීය.

එමෙන්ම සුපිරි ටෙනිස් ක්‍රීඩිකා ජර්මනියේ Angelique Kerber, තායිපේ හි Su-Wei Hsieh ව 4-6 7-5 6-2 ලෙස පරාජයට පත් කරමින් අර්ධ අවසාන පූර්ව වටයට ඊයේ සුදුසුකම් ලැබුවාය.

අද (23/01) දිනයේදී සුපිරි ක්‍රීඩකයින් වන ස්පාඤ්ඤයේ Rafael Nadal සහ බල්ගේරියාවේ Grigor Dimitrov මෙන්ම බල්ගේරියාවේ Grigor Dimitrov සහ එක්සත් රාජධානියේ Kyle Edmund ද අර්ධ අවසන් පූර්ව තරග වලදී තරග වැදීමට නියමිතය.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now