SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ රෝද පුටු ටෙනිස් තරගාවලිය ජනවාරි 24 සිට 27 දක්වා මෙල්බර්න් නුවරදී

මෙම තරගාවලිය සදහා ලොව රටවල් 10 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකු සහභාගී වන බව සදහන්. රෝද පුටු ටෙනිස් ක්‍රීඩාවට ඇත්තේ අවුරුදු 26ක් වැනි ඉතා කෙටි ඉතිහාසයක් වන අතර, පළමු වතාවට එය පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුලත්ව තිබෙන්නේ 1992 වසරේදී බව සදහන්.

Australian Open 2018 Wheelchair Championships
During the Australian Open 2018 Wheelchair Championships at Melbourne Park on January 24, 2018 in Melbourne, Australia. Source: Getty Images AsiaPac

1 min read

Published

Updated

By Olga Klepova



Skip to article content

මෙවර ඕස්ට්‍රේලියානු  විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් අදියරේ තරග මේ වන විට ක්‍රියත්මක අතර, ප්‍රධාන තරගාවලියට සමගාමිව පැවැත්වෙන රෝද පුටු ටෙනිස් තරගාවලියද ඊයේ (24දා ) ආරම්භ විය. මෙම තරගාවලිය සදහා ලොව රටවල් 10 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකු සහභාගී වන බව සදහන්. රෝද පුටු ටෙනිස් ක්‍රීඩාවට ඇත්තේ අවුරුදු 26ක් වැනි ඉතා කෙටි ඉතිහාසයක් වන අතර, පළමු වතාවට එය පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුලත්ව තිබෙන්නේ 1992 වසරේදී බව සදහන්.

 

මෙවර ඕස්ට්‍රේලියානු  විවෘත ටෙනිස් තරගාවලියේ ප්‍රධාන තරගාවලියේ ත්‍යාග මුදල් ප්‍රමාණයද 10% කින් වැඩි කරමින් එය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 55 දක්වා වැඩි කිරීමට තරග සංවිධායකයින් තීරණය කල අතර, රෝද පුටු ටෙනිස් තරගාවලියේද ත්‍යාග මුදල් ප්‍රමාණය ඩොලර් 200,000 දක්වා මේ වසරේ වැඩි කිරීමට ඔවුන් තීරණය කර තිබේ. ලැබෙන ත්‍යාග මුදල් ප්‍රමාණය ප්‍රධාන තරගාවලියේ දී ලැබෙන ත්‍යාග මුදල් සමග සංසන්දනය කිරීමේදී අඩු මුදලක් වුවද මේ ආකාරයෙන් ප්‍රධාන පෙලේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක රෝද පුටු ටෙනිස් ක්‍රීඩාවට තැනක් ලැබීම එම ක්‍රීඩාව ලද ජයග්‍රහණයක් බව විචාරක මතයයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now