Highlights
- AstraZeneca එන්නතේ රුධිරය කැටිගැසීම අවධානම ස්ථිර වීම
- මෙම මැයි මස මැද භාගය වනවිට වික්ටෝරියා ප්‍රාන්ත වැසියන් ලක්ෂ 3කට කොරෝනා එන්නත්
- විනිසුරු වරුන්ටත් දේශපාලකයින්ටත් එකම ලිංගික හිරිහැර නීති
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේත් අමාත්‍ය නිලධාරීන් ගැන ලිංගික හිරිහැර චෝදනා
- Partner වීසා සඳහා ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය බවට වන නීතියට දැඩි විරෝධය
- ශ්‍රී ලංකාවෙන් ඩෙන්මාර්ක කොරෝනා වෛරසය සහිත පුද්ගලයින් තිදෙනෙක්
- මෛත්‍රීපාලගේ නායකත්වයෙන් නිදහස් පක්ෂ මුලස්ථානයේ විශේෂ රැස්වීමක්
AstraZeneca එන්නතෙන් රුධිරය කැටිගැසීම අවදානම ස්ථිර වේ
AstraZeneca එන්නත හා රුධිරය කැටිගැසීම අතර සම්බන්ධතාවයක් පැවතීම පිළිබඳව හඳුනාගැනීමත් සමග වයස අවුරුදු 50ට අඩු පුද්ගලයින් සඳහා එම එන්නත ලබාදීම සම්බන්ධයෙන් වන උපදෙස් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය වෙනස් කොට තිබේ.
ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම යුරෝපීය බලධාරීන් සමග සාකච්චා සිදු කොට තිබේ. මේ අනුව වයස අවුරුදු 50ට අඩු AstraZeneca එන්නතෙහි පළමු මාත්‍රාව ලබා නොගත් පිරිස සඳහා Pfizer එන්නත නිර්දේශ කොට තිබේ.
මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය සඳහන් කොට සිටින්නේ අදාල වයස් කණ්ඩායම් සඳහා AstraZenecaමාත්‍රා ලබාදෙන අතර එම එන්නතෙහි ප්‍රතිලාභ අවදානමට වඩා ඉතා ඉහල බවයි.
කසේ නමුත් AstraZeneca එන්නත හා සම්බන්ධ රුධිරය කැටි ගැසීමේ තත්වය අතිශය දුර්ලභ තත්වයක් වන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් Brendan Murphy සඳහන් කොට සිටි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම භීතිය තරුණ පරපුර අතර පැවතීම මත වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් සඳහා AstraZeneca එන්නත් ලබාදීමට කටයුතු කරන බවයි.
මෙම ඔක්තෝබර් මස වන විට සෑම ඔස්ට්‍රේලියනුවකුටම සිය ප්‍රථම කොරෝනා එන්නත් මාත්‍රාව ලබාදීම ඕස්ට්‍රේලියානු රජයේ ඉලක්කයයි
කෙසේ නමුත් මෙම හදිසියේ ගැනීමට සිදු වූ මෙම තීරණ හමුවේ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට සිටින්නේ එම ඉලක්කය සම්බන්ධයෙන් යම් සැකයක් පවතින බවයි.
මේ හේතුවෙන් වෙනස් වන එන්නත් ක්‍රමෝපායන් පිළිබඳව අද පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් සාකච්චා කිරීමට නියමිතයි.
මැයි මස මැද භාගය වනවිට වික්ටෝරියා ප්‍රාන්ත වැසියන් ලක්ෂ 3කට කොරෝනා එන්නත්
මෙම මැයි මස මැද භාගය වන විට ප්‍රාන්ත වැසියන් හට කොරෝනා එන්නත් 300,000ක් ලබාදීමට අපේක්ෂා කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය සඳහන් කොට සිටී.
මෙම ඉලක්කය සපුරාලීම සඳහා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් Ballarat හි Royal Showgrounds සහ the Mercure Convention Centre හිදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley සඳහන් කොට සිටින්නේ මෙම ඉලක්කය අපහසු නොවන නමුත් එය ප්‍රාන්ත රජයට ලැබෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය මත රඳාපවතින බවයි.
මේ අතර මාස දෙකකට ආසන්න කාලයකින් අනතුරුව වික්ටෝරියා ප්‍රාන්තය වෙත ඊයේ සිට නැවතත් ජාත්‍යන්තර ගුවන් යානා පැමිණීම ආරම්භ වී තිබේ . මේ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහනද නැවත ආරම්භ කොට තිබේ.
කොළඹ, දෝහා, ඩුබායි යන නගර වලින් සහ සිංගප්පූරුවේ සිට පැමිනි සංචාරකයින් 106 දෙනෙකු ඊයේ මෙල්බර්න් ගුවන් තොටුපළට පැමිණ තිබේ.
කොළඹ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 25 දෙනෙකු රැගත් UL 604 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය ඊයේ පෙරවරු 4.24 ට මෙල්බර්න් ගුවන් තොටුපලට ගොඩබස්වා ඇති අතර එහි පැමිණි ශ්‍රී ලාංකික මගීන් මේ වනවිට හෝටල් නිරිධයනයේ පසුවේ.
විනිසුරු වරුන්ටත් දේශපාලකයින්ටත් එකම ලිංගික හිරිහැර නීති
විනිසුරුවරුන් සහ දේශපාලනඥයින් හටද එකම ලිංගික හිරිහැර නීතීන් ක්‍රියාත්මක කෙරෙන නව නීති මෙම වසර අගදී පාර්ලිමේන්තුවට හඳුන්වාදීමට නියමිතව තිබේ.
ඕස්ට්‍රේලියානු ලිංගික වෙනස්කම් කිරීමේ කොමසාරිස් මගින් පසුගිය ජනවාරියේදී නිකුත් කල වාර්තාවකට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සිදු කල ප්‍රතිචාරයක් වශයෙන් එහි ඇති නිර්දේශ 55ක පමණ සංක්‍යාවක් අර්ධ වශයෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් හෝ පූර්ණ වශයෙන් පිළිගෙන තිබේ.
මේ අනුව ලිංගික හිරිහැර සිදු කිරීම සේවයෙන් පහ කිරීමට තරම් වලංගු වන අතර පැමිණිලි කරුවන් හට සිය පැමිණිලි ඉදිරිපත් කිරීමට පවතින කාලය මාස 6 සිට වසර 2 දක්වා දීර්ඝ වන බව සඳහන් වේ.
ඕස්ට්‍රේලියානු රැකියා ස්ථාන වල පවතින රැකියා සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට සිටී .
කෙසේ නමුත් මෙම වාර්තාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය ගත කරන කාලය සම්බන්ධයෙන් විපක්ෂය සිය අප්‍රසාදය පලකොට ඇති අතර ඔවුන් රජයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු වන බව සඳහන් කොට සිටී.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේත් අමාත්‍ය නිලධාරීන් ගැන ලිංගික හිරිහැර චෝදනා
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අමාත්‍ය නිලධාරීන් සම්බන්ධ ලිංගික විෂමාචාර සහ හිරිහැර කිරීමේ පැමිණිලි දෙකක් පිළිබඳව තමන් දැනුවත් බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk සඳහන් කොට සිටී.
එම පැමිණිලි මේ වනවිට විමර්ශනාත්මක මට්ටමේ පවතින අතර ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කරන බවද ඇය සඳහන්කොට සිටී. කෙසේ නමුත් මෙඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් අදාළ දෙපාර්තමේන්තුව ස්වාධීනව සොයාබලන බවද ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කරයි.
ඇය වැඩිදුරටත් සඳහන් කොට සිටියේ රාජ්‍ය සේවයේ හිරිහැර කිරීම් සහ ලිංගික විෂමාචාර පිළිබඳ පැමිණිලි විභාග කිරීම සඳහා නිලධාරියකු පත් කරන බවයි.
පසුගිය මුල්‍ය වර්ෂය තුලදී පමණක් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රාජ්‍ය සේවකයින් විසින් නුසුදුසු ලිංගික හැසිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 140ක් පමණ ඉදිරිපත් කොට ඇති නමුත් ඊට ප්‍රතිචාර වශයෙන් සේවකයින් 21 දෙනෙකු පමණක් වැටුප් සහිතව අත්හිටුවා ඇති අතර සේවකයින් හය දෙනෙකු සේවයෙන් පහ කර ඇති බව ප්‍රාන්ත මාධ්‍ය වාර්තා කරයි.
Partner වීසා සඳහා ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය බවට වන නීතියට දැඩි විරෝධය
සරණාගතයින් සහ කාන්තාවන් සඳහා වන නීතීඥයින් සඳහන් කොට සිටින්නේ Partner වීසා සඳහා ඉල්ලුම් කරන්නන් හට ඉංග්‍රීසි පරීක්ෂණයෙන් සමත් වන ලෙස සඳහන් කිරීම ඔස්සේ එම පවුල් සඳහා දැඩි බලපෑමක් එල්ල කරන බවයි.
Partner වීසා ඉල්ලුම් කරන්නන් සහ අනුග්‍රාහකත්වය ලබාදෙන්නන් සඳහා වන ඉංග්‍රීසි භාෂා නිපුණත්වය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ වනවිට සලකා බලමින් සිටී.එම දෙපාර්තමේන්තුව සඳහන් කොට සිටින්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට දිරිගැන්වීම මත එම පිරිස ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමෙන් ආරක්ෂා කරන බවයි.
එහෙත් ප්‍රචණ්ඩත්වයට එරෙහි ඕස්ට්‍රේලියානු කාන්තාවන් සහ සරණාගතයින් සඳහා වන උපදෙස් සේවාව සඳහන් කොට සිටින්නේ ගෘහස්ථ හා පවුල් හිංසනය සහ ඉංග්‍රීසි භාෂාව කතා නොකරන පිරිස අතර ව්‍යාජ සම්බන්ධතාවයක් බලධාරීන් ගොඩනගා ඇති බවයි.
ශ්‍රී ලංකාවෙන් ඩෙන්මාර්ක කොරෝනා වෛරසය සහිත පුද්ගලයින් තිදෙනෙක්
ඩෙන්මාර්ක කොරෝනා වෛරස ප්‍රබෙධය වැළඳි පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනේ.
B 1-428 යන මෙම වෛරස ප්‍රබේදය අසාදනය වූ පුද්ගලයන් තිදෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වනවිට නිරෝධනයන මධ්‍යස්ථාන වල සිටින බව වාර්තා වේ.
මේ අතර බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රබේදය අසාදනය වූ පුද්ගලයින් 7 දෙනෙකුද මේ වනවිට හඳුනාගෙන ඇති බව ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු වාර්තා වී තිබේ
මෛත්‍රීපාලගේ නායකත්වයෙන් නිදහස් පක්ෂ මුලස්ථානයේ විශේෂ රැස්වීමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී , හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලිකත්වයෙන් විශේෂ සාකච්චාවක් පවත් වී තිබේ
මේ සාකච්චාව සඳහා අමාත්‍යවරුන් වන විමල් වීරවංශ , උදය ගම්මානපිල ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පිරිසක්ද එක්ව තිබේ.
මෙම සාකච්චාව පැය 2ක පමණ කාලයක් තිස්සේ පැවති ඇති අතර මින් පසුව අදහස් පළකරමින් ඒ සඳහා සහභාගී වූ පිරිස සඳහන් කොට සිටියේ මෙය පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් වන බවයි.
එමෙන්ම ඔවුන් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව සහ පළාත් සභා පනත පිළිබඳව සාකච්චා පැවැත් වූ බව මාධ්‍ය වෙත සඳහන් කොට තිබේ.
මේ සඳහා සෑම දේශපාලන පක්ෂයක්ම සහභාගී වූ බව ඔවුන් පැවසුවද මෙලෙස පැවැත්වූ සාකච්චාව සඳහා පොදුජන පෙරමුණේ නියෝජනයක් තිබී නොමැත.
එමෙන්ම විමල් වීරවංශ, දයාසිරි ජයසේකර සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැලකී තිබේ.

