SKIP TO MAIN CONTENT

කොරෝනා වයිරසයේ ආරම්භය පිළිබඳ ගෝලීය වශයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් ඉල්ලීමක්

 Prime Minister Scott Morrison during a press conference in the Blue Room at Parliament House in Canberra.
Australian Prime Minister Scott Morrison Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය සත්‍ය වශයෙන්ම ආරම්භ වුවේ කෙසේදැයි යන්න පිළිබඳ ගෝලීය වශයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ඉල්ලා සිටියි.

නමුත් ඔස්ට්‍රේලියාවේ පිහිටි චීන තානාපති කාර්යාලය එම ප්‍රකාශය සම්බන්ධව පවසන්නේ එය හුදෙක් පටු දේශපාලනික ක්‍රියාවක් බවයි.

මේ අතර ඔස්ට්‍රේලියාව, චීනයේ සපත්තුවේ අඩියේ ඇලුණු චුවින් ගම් එකක් වැනි බව චීන ජාතික පුවත් පතක් වන Global Times හි කර්තෘ Hu Xijin පවසා තිබේ.

චීනයට චෝදනා කරමින් කොරෝනා වයිරසයේ ආරම්භය පිළිබඳ ගෝලීය වශයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කිරීමට ඔස්ට්‍රේලියාව ලෝකයට බල කළහොත් ඔස්ට්‍රේලියාවේ සංචාරක, කෘෂිකාර්මික සහ අධ්‍යාපන ක්ෂේත්‍ර චීනය විසින් වර්ජනය කරන බවට ඔස්ට්‍රේලියාවේ චීන තානාපති චුන්ග් ජූන්යේ පැවසීය.

ඔස්ට්‍රේලියාව කිසිදු රටක අත කොලුවක් නොවන රටක් බවත් මෙම ස්වාධීන විමර්ශනය සඳහා ඔස්ට්‍රේලියාව උපරිම සහය ලබා දෙන බවත් අගමැති මොරිසන් පැහැදිලි කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now