SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවයේ සිදුවන දූෂණ ගැන රාජ්‍ය සේවකයින්ම කට අරියි.

Australian public servants say they have seen corrupt behaviour at work.
The Australian Coat of Arms in metal hangs on the glass wall of a building that reflects another high-rise across the street. Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

නව වසරේදී ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවයේ දූෂණ සහ අක්‍රමිකතා සිදුවන බව තමන් සියැසින්ම දුටු බව ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවයේ යෙදී සිටින සේවකයින්ගෙන් 5% ක් පවසයි.

රාජ්‍ය සේවයට බඳවා ගැනීම්දී තමන්ගේ පවුලේ හිතවතුන් සහ යහළුවන් හට වැඩි අවස්ථාවක් දෙන බවට එයින් බොහොමයක් චෝදනා එල්ල වෙමින් පවතී.

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවය පිළිබඳ ඔස්ට්‍රේලියානු රාජ්‍ය සේවා කොමිසම විසින් සිදු කළ අන්තර් සමීක්ෂණයකින් හෙළිකරගත් දත්ත මගින් සැකසූ වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත.

මේ අතර එම වාර්තාවට අනුව රාජ්‍ය සේවකයින් 64 දෙනෙකු ඇතුළාන්ත තොරතුරු අවභාවිතා කර ඇති බව හෝ තමන්ගේ බලය යුතු ලෙස භාවිතා කර ඇති බව හෝ හෙළිවී ඇත.

2015 – 16 කාලයේදී මෙවැනි සිදුවීම් 31 ක් වාර්තා වී ඇති අතර වර්තමානය වන විට එය වැඩිවී තිබේ.

මීට අමතරව අවංක භාවය සහ විශ්වාසය කඩ කිරීම් සම්බන්ධ සිද්ධීන් 287 ක් ද වාර්තා වන බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now