SKIP TO MAIN CONTENT

කොරෝනා හමුවේ ඔස්ට්‍රේලියාවේ Woolworths ජාලයට 20,000 ක අමතර සේවකයින් පිරිසක් බඳවා ගැනීමට තීරණය කරයි

Coronavirus Woolworths
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක් වන Woolowrths සුපිරි වෙළෙඳ සැල් ජාලය ඔස්ට්‍රේලියාව පුරාම ආවරණය වන පරිදි 20,000 ක අමතර සේවකයින් පිරිසක් බඳවා ගැනීමට සූදානම් වේ.

එම සේවකයින්  Woolowrths ජාලයට අයත් සුපිරි වෙළෙඳ සැල් තුළ, භාන්ඩ ප්‍රවාහන සේවා සඳහා, මත්පැන් අලෙවි හල් සඳහා මෙන්ම e-commerce සේවාවන්ට යෙදවීමට අපේක්ෂා කරයි.

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියානු ජනයාට නොකඩවා ආහාර පාන සැපයීමේ අරමුණින් මෙම පියවර ගැනීමට ඔවුන් බලාපොරොත්තුවේ.

එමෙන්ම කොරෝනා වසංගතය මධ්‍යයේ වුවද ඔස්ට්‍රේලියානුවාසීන්ව රැකියා නියුක්තියේ තබා ගැනීමේ ප්‍රමුඛ වගකීමක් තමන් සතුව පවතින බවද Woolowrths සමාගම පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now