SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ Toilet paper නැතිවේ යන භීතිකාව නිසා එක් පාරිභෝගිකයෙකුට නිකුත් කරන පැකට් සංඛ්‍යාව හතරකට සීමා කෙරේ

Australian Supermarkets put buying limit on toilet paper amid coronavirus panic
به دنبال هجوم مردم به فروشگاه‌ها به دلیل وحشت از شیوع ویروس کرونا، فروشندگان آسترالیا اکنون با کمبود بعضی از محصولات روبه‌رو هستند. Source: SBS

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරස් භීතිකාව හේතුවෙන් පාරිභෝගිකයින් විසින් ඉවක් බවක් නොමැතිව සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගෙන රැස්කිරීමට පටන්ගැනීම නිසා ඇතැම් සුපිරි වෙළඳ සල් මඟින් එක් පුග්දලයෙකුට නිකුත් කරනු ලබන භාණ්ඩ ප්‍රමාණය සිමා කිරීමට තීරණය කොට තිබේ.

ඒ අනුව Woolworths සමාගම විසින් එක් පාරිභෝගිකයෙකුට නිකුත් කරන toilet paper පැකට් සංඛ්‍යාව හතරකට සීමා කරනු ඇත.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කෝල්ස් සහ Woolworths හි නියෝජිතයින් හමුවී, සැපයුම් දාමයන් සහ පාරිභෝගික හැසිරීම කෙරෙහි වෛරසය බලපාන ආකාරය පිළිබඳව දැනටමත් සාකච්ඡා කොට තිබේ.

මධ්‍යම රජයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහාචාර්ය බ්‍රෙන්ඩන් මර්ෆි සෙනෙට් ඇස්තමේන්තු කමිටුව හමුවේ පෙනිසිටිමින් පවසා සිටියේ කොරෝනා වෛරසය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවේ යයි අනවශ්‍ය බියක් ඇතිකරගැනීමට කිසිසේත්ම අවශ්‍ය නොවන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now