කොරෝනා වසංගතය නිසා පීඩා විඳින ජාත්‍යන්තර සිසුන්ට ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල මගින් මූල්‍යාධාර ලබාදෙන අයුරු පිලිබඳ තොරතුරු SBS සිංහල සේවයෙන්

කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වූ සහ ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින ජාත්‍යාන්තර සිසුන් සඳහා සහාය දීමට ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල මගින් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 110 ක් වෙන් කෙරේ.

Students on university campus

Source: AAP Image/Dean Lewins

පවතින අර්බුධකාරී තත්වයත් සමග අපහසුතාවයට පත්ව සිටින සහ ගමන් අවහිරතාවයන්ට (travel ban) මුහුණ දී ඇති තාවකාලික වීසා හිමියන් සඳහා සිදුකෙරෙන නීති සහ අනෙකුත් සැකසුම් අතරතුර ජාත්‍යාන්තර සිසුන් සඳහා රජයේ අවධානය යොමුවිය යුතු බව සහ ඒ සම්බන්ධව රජය ජාත්‍යාන්තර අධ්‍යාපන අංශ සමග සාකච්චා කලයුතු බව, ආගමන පිලිබඳ අමාත්‍ය Alan Tudge අවධාරණය කොට තිබේ.

පසුගිය සතියේදී අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කර සිටියේ පවතින තත්වය හමුවේ, ඔස්ට්‍රේලියාව තුළ යම් අයෙකුට ස්ථාවර තත්වයේ සිටීමට නොහැකි නම් ඔවුන් තම රට බලා යාමෙන් එයට විසදුමක් ලැබෙන බවයි.

කෙසේ වෙතත් රජය මගින් අනුග්‍රහයක් ලැබීමට තමන් හට හිමිකම් නොමැතිවීමත් රැකියා අහිමි වීමත් හේතුවෙන් තමන් දැඩි ආතතියට පත්ව ඇති අතර නැවත තම රටවල් බලා යාමට මාර්ගයක් නොමැති බව ජාත්‍යාන්තර සිසුන් ප්‍රකාශ කොට සිටී.

මේ අනුව දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින ජාත්‍යාන්තර සිසුන් සඳහා උපකාර කිරීමට විවිධ යාන්ත්‍රණ හදුන්වාදීමට ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පියවරගෙන ඇති අතර Deakin විශ්වවිද්‍යාලය මගින් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 25 ක පැකේජය ප්‍රමුඛව ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 110 ක අරමුදලක් පිහිටුවා තිබේ.

Deakin විශ්වවිද්‍යාලය

ඉදිරි මාස 6 සඳහා ජාත්‍යාන්තර සිසුන්ට, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 25 ක පැකේජයක් ලබාදීමට පියවර ගෙන ඇති අතර එමගින් ජාත්‍යාන්තර සිසුන්ට දැඩි සහනයක් හිමිවනු ඇතැයි උපකුලපති මහාචාර්ය Iain Martin පවසා තිබේ.

අප සියලුදෙනා ජාත්‍යන්තර සිසුන් සමග උරෙන් උර සිටිය යුතු බව පෙන්වාදෙන උපකුලපතිවරයා සඳහන් කර සිටින්නේ විශ්ව විද්‍යාලයේ දැනට පවතින සහන සේවා මධ්‍යස්ථානයෙන් මෙම පහසුකම ලබාගැනීමට සිසුන්ට හැකියාව පවතින බවයි. එසේම යම් අයෙකුට උපකාර අවශ්‍යනම් පෞද්ගලික වශයෙන් එම උපකාර ලබාදීමටද තම විශ්වවිද්‍යාලය සූදානම් බව උපකුලපතිවරයා පෙන්වා දී තිබේ.

Students in library
Source: Getty Images

Australian National University (ANU)

ගමන් සම්බාදක (Travel ban) හේතුවෙන් චීනය බලා යාමට නොහැකිව සිටි සිසුන් සඳහා පසුගිය මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කළ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20ක පැකේජයට අමතරව මෙම නව ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක පැකේජය හදුන්වාදෙන බව ඔවුන් සඳහන් කොට තිබේ. Australian National University විශ්වවිද්‍යාල සිසුන්ගේ සංගමය සහ පශ්චාත් උපාධි හා පර්යේෂණ ශිෂ්‍ය සංගමය හරහා ජාත්‍යන්තර සිසුන්ට මෙම ආධාර ලබාදීම සිදුවනවා.

මේ අනුව ජාත්‍යාන්තර සිසුන් හට නවාතැන්, පෙළපොත්,වෛද්‍ය වියදම් භාණ්ඩ මිලදීගැනීම යන අවශ්‍යතා සඳහා මුදල් අයදුම් කල හැකියි.

ආධාර ලබාගැනීමට උපාධි අපේක්ෂක සිසුන් සඳහා ANUSHA සහ පශ්චාත් උපාධි සිසුන් සඳහා PARSA යන වෙබ් අඩවි ඔස්සේ අයදුම් කල හැකියි.

Monash University

Student Compassionate and Hardship Package ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 15 ක සහන පැකේජයක් හදුන්වා  දීමට Monash විශ්වවිද්‍යාලය පියවරගෙන තිබේ.මෙම පැකේජය මගින් අංශ දෙකක් ඔස්සේ ජාත්‍යාන්තර සිසුන්ට ආධාර ලබාදෙන අතර ඉන් පළමුවැන්න ඕස්ට්‍රේලියානු ඩොලර් 500 ක හදිසි ගෙවීමක් ලෙස ක්‍රියාත්මක කොට තිබේ. මෙම ගෙවීම පසුගිය අප්‍රියෙල් 7 වන දින සිට ආරම්භ කොට ඇති අතර මෙමගින් ජීවන වියදම් සඳහා ආධාර හිමිවේ.

දෙවන අදියර අප්‍රියෙල් 14 වන දින සිට ආරම්භ කොට ඇති අතර මෙමගින් ඕස්ට්‍රේලියානු ඩොලර් 7000 ක හෝ

චීනය ,ඉරානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් වලින් සිදුකල අභ්‍යන්තර ගමන් සම්බාධක හේතුවෙන් සාධාරණ වියදම් දැරූ ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 5000 ක මුදලක් ලබාගත හැකි වේ.

එක ශිෂ්‍යයෙකුට ලබාගතහැකි උපරිම මුදළ ඕස්ට්‍රේලියානු ඩොලර් 7,500 වෙයි.

RMIT විශ්වවිද්‍යාලය

COVID-19 හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජාත්‍යාන්තර සිසුන් සහා අංශ දෙකකින් සමන්විත ගෙවීම් සිදුකිරීමට RMIT විශ්වවිද්‍යාලය පියවරගෙන තිබේ.

* හදිසි මුල්‍ය ප්‍රතිපාදන

තාක්ෂණික නොවන ගෙවීමක් වන මෙමගින් COVID-19 වෛරසය හේතුවෙන් රැකියා අහිමි වූ, නිවාස ආරක්ෂණ අවශ්‍ය සිසුන් හට සහ මුල්‍යාධාර අවශ්‍ය සිසුන් හට ආධාර සැලසන අතර අත්‍යවශ්‍ය ජීවන වියදම්, පෙළපොත් ,නවාතැන් සෞක්‍ය සේවා හෝ අහාර යන අංශ ආවරණය කෙරේ.

* තාක්ෂණ ප්‍රතිපාදන

මෙමගින් දුරස්ථව අද්‍යාපනය කරන ශිෂ්‍යයන් හට දෘඩාංග සහ මෘදුකාංග ලබා ගැනීමටත්, අන්තර්ජාල පහසුකම් සහ තමන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂණ උපකරණ ලබාගැනීමට මුදල් සැපයේ කෙසේ නමුත් එක ශිෂ්‍යයෙකු සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 1000 ක සීමාවකට යටත් වේ.


 

SBS සිංහල සේවයට සවන්දෙන්න දැන් SBS Radio APP මඟින් පුළුවන් (Free download) 


 

සිඩ්නි හි Charles Sturt විශ්වවිද්‍යාලය

COVID-19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් වූ ශිෂ්‍යයෙකුට ඕස්ට්‍රේලියානු ඩොලර් 500 ක් වන එක වතාවක් පමණක් සිදුකරන ගෙවීමක් Charles Sturt විශ්වවිද්‍යාලය හදුන්වා දී තිබේ.

මුදල් ආධාර අත්‍යවශ්‍ය සිසුන් සඳහා පමණක් මෙම ආධාර ලබාදෙන අතර අඩු අධ්‍යයන බරක් සහිත පූර්ණකාලීන සිසුන්ට යම් අනුපාතයකට අනුව මුදල් හිමිවේ.

University of Canberra

welfare@canberra.edu.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට විද්‍යුත් තැපෑලක් එවීම මගින් සිසුන් හට තම අවශ්‍යතාවය සඳහන් කළහැකි වේ. ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් පෞද්ගලිකව සළකාබැලෙනු ඇති. UCX Food Pantry ආයතනයද කැන්බරා හි සහන ජාලය සමග සම්බන්ධව සිසුන්ට මාසිකව ද්‍රව්‍යමය සහන පැකේජ ලබාදීම සිදු කෙරේ. එක් පවුලක් සඳහා සති 4කට සරිලන ප්‍රමාණයෙන් ලබාදෙන මෙම පැකේජයට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ කල්තබාගතහැකි ආහාර ද්‍රව්‍ය ඇතුලත්.

මේ සඳහා සඳුදා ප.ව 12.00 පෙර ලියාපදිංචි වීමට අවශ්‍ය බව UCX Food Pantry ආයතනය සිසුන්ට දන්වා සිටී.

එමෙන්ම ගමන් සම්භාදක හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින සිසුන් හට internationalstudent@canberra.edu.au යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ආධාර ලබා ගැනීමේ හැකියාව ලැබේ.

සිඩ්නි හි University of Technology

studentlegalservice@uts.edu.au යන විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ශිෂ්‍ය නීති සේවා ආයතනය සමග සිසුන්ට සම්බන්ධ විය හැකි අතර මෙමගින් සිසුන්ට නවාතැන් සහ නිවාස ආධාර ලබාගැනීමට හැකියාව ලැබේ.

Edith Cowan විශ්වවිද්‍යාලය

ශිෂ්‍ය සේවා පහසුකම් අඩු කරමින් සිසුන් හට සහන ලබාදීමේ වැඩපිළිවෙල රැසක් Edith Cowan විශ්වවිද්‍යාලය හදුන්වා දී තිබෙනවා.

සුදුසුකම් ලබන සිසුන් හට ඕස්ට්‍රේලියානු ඩොලර් 2000 ක ආධාර ලබාදෙන අතර විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංසදය මගින් ඕස්ට්‍රේලියානු ඩොලර් 50ක වටිනාකමින් යුත් භාණ්ඩ ගැනීමේ වවුචර ලබා දීමට කටයුතු කොට තිබේ.

Curtin විශ්වවිද්‍යාලය

2020 වසරේ එක් අද්‍යයන වාරයකට අවම credit points 25ක් සැපිරීමට නියමිත, කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් වූ සිසුන් සඳහා නිවාස සහ මුල්‍යමය ආධාර ලබාදීමට Curtin විශ්වවිද්‍යාලය පියවර ගෙන තිබේ.

Student on laptop
Student on laptop Source: Getty Images
Victoria විශ්වවිද්‍යාලය

අපහසුතාවයන්ට මුහුණ දී සිටින සිසුන් හට විවිධ ආකාරයේ සහන පැකේජ හදුන්වා දී තිබේ.

* හදිසි මුල්‍ය ප්‍රතිපාදන

නිරෝධායනය සඳහා මුහුණ දී සිටින සිසුන් හට සහ රැකියා අහිමි වූ සිසුන් හට අත්‍යවශ්‍ය ජීවන වියදම්, ආහාර , සෞක්‍ය සහ අධ්‍යාපන උපකරණ සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 100ක ආධාර හිමිවේ.

*තාක්ෂණික ප්‍රතිපාදන

ඉගෙනීම සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදීගැනීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 100ක ආධාර හිමිවේ.

*නිවාස අර්බුධයට මුහුණ දී සිටින සිසුන් හට සහය සඳහා ප්‍රතිපාදන.

තම රැකියා අහිමිව නිවාස කුළී ගෙවීමට නොහැකිව සිටින සිසුන් හට ඕස්ට්‍රේලියානු ඩොලර් 500ක ආධාර හිමිවේ.

අපහසුතාවයට පත්ව ඇති ජාත්‍යාන්තර සිසුවා අනුග්‍රාහකයෙකු යටතේ සිටීනම් ඔහුට හෝ ඇයට ද උපකාර කිරීමට Victoria විශ්වවිද්‍යාලය පියවර ගෙන තිබේ.

Australian Catholic විශ්වවිද්‍යාලය

ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මුල්‍යාධාර අත්‍යවශ්‍ය ජාත්‍යන්තර සිසුන් හට කෙටි කාලීන ණය ලබාගැනීමට හැකියාව පවතී.

Macquarie විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාලය හදුන්වා දී ඇති සහන පැකේජයන්ට ,අත්‍යවශ්‍ය සේවා සඳහා එක්වරකට පමණක් සීමා වන ඕස්ට්‍රේලියානු ඩොලර් 250ක ඉලෙක්ට්‍රොනික වවුචර, අධ්‍යාපන සහාය සඳහා වූ ඕස්ට්‍රේලියානු ඩොලර් 2000ක මුදලක් සහ වාසස්ථාන වෙනස්කිරීම සඳහා වන ඕස්ට්‍රේලියානු ඩොලර් 2000ක පොළී රහිත ණයක් ඇතුළත්ව තිබේ.

Charles Darwin විශ්වවිද්‍යාලය

රැකියා අහිමි වීම හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව සිටින සිසුන් සඳහා ශිෂ්‍යත්ව 25 ට වැඩි සංඛ්‍යාවක් හඳුන්වා දී ඇති අතර අන්තර්ජාලය ඔස්සේ ඉගෙනීමටත් නිරෝධායනය වන සිසුන් සඳහා වන මුල්‍යාධාර ලබාදීමත් Charles Darwin විශ්වවිද්‍යාලය මගින් සිදුකෙරේ.

Flinders විශ්වවිද්‍යාලය

ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 12.5ක ශිෂ්‍ය සහන පැකේජයක් හදුන්වා දී ඇති අතර, ඕස්ට්‍රේලියානු ඩොලර් 500ක මුදලක් හදිසි සහාය වශයෙන් සිසුන් හට ලැබේ. නව Matthew Flinders Scholarship සේවාව මගින් සිසුන්ට අඛණ්ඩව සිය අධ්‍යන කටයුතු කිරීමට ඕස්ට්‍රේලියානු ඩොලර් 2000ක ශිෂ්‍යත්ව ලබාගතහැකි වෙයි.

Swinburne University of Technology

ඕස්ට්‍රේලියානු ඩොලර් 600,000 ක ශිෂ්‍ය හදිසි අරමුදලක් පිහිටුවා ඇති අතර දුෂ්කරතාවයන්ට මුහුණදී සිටින සුදුසුකම් සහිත සිසුන් හට ඕස්ට්‍රේලියානු ඩොලර් 1,000ක් දක්වා ආධාර ලබාගතහැකි වේ.

The University of Newcastle

ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක වටිනාකමින් යුත් ශිෂ්‍ය දුෂ්කරතා අරමුදලක් පිහිටුවා ඇති අතර මෙමගින් ජාත්‍යන්තර සිසුන්ගේ ආහාර, බිල්පත් සහ නවාතැන් වියදම් ආවරණය කෙරේ.

University of South Australia

අපහසුතාවයට පත්ව ඇති දේශීය සහ විදේශීය සිසුන් හට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 10 ක අරමුදලක් පිහිටුවා තිබේ.

පහත සඳහන් හේතුන් සඳහා සිසුන් හට අයදුම් කිරීමේ හැකියාව පවතී.

*විශ්ව විද්‍යාලයෙන් බැහැරව හෝ අන්තර්ජාලය ඔස්සේ ඉගෙනීමට අදාළ උපකරණ සඳහා වන වියදම්.

*රැකියා අහිමි වීම

*රැකියා ස්ථානයේ පැය ගණන අඩු කිරීම.

*නිවාස කුලී ගෙවාගැනීමට නොහැකි වීම.

*බිල්පත් ගෙවාගැනීමට නොහැකි වීම.

*ස්වයං නිරෝධානය වීමට උපදෙස් ලැබී ඇත්නම් ඒ සඳහා වන අතිරේක ගමන් වියදම්,ආහාර සහ වාසස්ථාන වියදම් සඳහා.

*පෞද්ගලික රක්ෂනාවරණයෙන් ආවරණය කිරීමට නොහැකි සෞක්‍ය වියදම් සඳහා.

University of Western Australia

විවිධ මුල්‍යමය ගැටළු සඳහා මුහුණ දී සිටින සිසුන් හට මුල්‍ය දුෂ්කරතා අරමුදලක් පිහිටුවා ඇති අතර මෙය Foodbank Australia සමග එක්ව සිදුකරන ආහාර ආධාර සහ නිවාස සොයාගැනීම සඳහා සිදුකරන ආධාරයන්ට අමතරව සිදුකරන්නක් බව විශ්වවිද්‍යාලය පවසයි.

University of Adelaide

දුරස්ථ ඉගෙනීම සඳහා තොරතුරු තාක්ෂණ සහාය -

ප්‍රතිනිර්මාණය කරනලද විශ්වවිද්‍යාල උපාංග වෙත ප්‍රවේශ වෙමින් සම්බන්ධතාවය වැඩිකිරීමට.

නවාතැන් පහසුකම් සහය -

හදිසි නිවාස පහසුකම්, නවාතැන් පහසුකම් සහ කුළී නිවාස උපකාර අවශ්‍ය සිසුන් සඳහා.

ආහාර සහය -

අපහසුතාවයට පත්ව සිටින සිසුන් හට අහාර වවුචර ලබාදීමට,අහාර පැකේජ ලබාදීමට සහ සුපිරි වෙළදසැල් සඳහා වන තාගිපත් ලබාදීම සඳහා Foodbank සමග කටයුතු කරමින් සිටී.

ආදායම අහිමිවූවන්ට සහය -

අතිරේක අදායම් අහිමි වූ සිසුන් හට සහය ලැබීම මෙහිදී සිදුවේ.

පළමු වසරේ සිසුන් හට සහය-

රජයේ මුල්‍යාධාර නොලැබුණු සහ ඉදිරි ඉගෙනුම් සඳහා කිසිදු මුල්‍යමය සහයක් නොමැති සිසුන්ට ඉගෙනීම ඉදිරියට සිදුකිරීමට සහය හිමිවේ.

පවුල් සඳහා සිදුකෙරෙන සහය -

dependents නොහොත් යැපෙන්නන් සිටින පවුල් වල සිසුන් සඳහා සහය හිමිවේ.

Murdoch විශ්වවිද්‍යාලය

සිසුන්ගේ මානසික,ශාරීරික සෞක්‍ය සඳහාත් යහපැවැත්ම සඳහාත් අරමුදලක් හදුන්වා දී තිබේ.

අර්ධකාලීන සිසුන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 500ක් සහ පුර්ණකාලීන සිසුන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 1000 සඳහා අයදුම් කල හැකි වේ.

මෙම සිසුන් හට අතිරේක මුල්‍යාධාර ද ලබාදීමට විශ්වවිද්‍යාලය සූදානම් ව සිටී.

University of New South Wales

ඕස්ට්‍රේලියානු ඩොලර් 200ක ඉලෙක්ට්‍රොනික වවුචර ලබාදීමටත් ඕස්ට්‍රේලියානු ඩොලර් 2000ක් දක්වා වූ හදිසි මුදල් ආධාර ලබාදීමටත් විශ්වවිද්‍යාලය සුදානම්ව සිටී.

University of Southern Queensland

අවශ්‍යතා පදනම් කරමින් නව මුදල් පැකේජයක් ලබාදීමට විශ්වවිද්‍යාලය තීරණය කොට තිබේ.

මේ සඳහා ජීවන වියදම් (ලබාදෙන මුදල පවතින තත්වය මත වෙනස් වේ)

තාක්ෂණික සැපයීම් (ඕස්ට්‍රේලියානු ඩොලර් 100ක් දක්වා, එක්වරක් පමණක් ලබාදෙන)

ඉගෙනුම් උපකරණ සඳහා (ඕස්ට්‍රේලියානු ඩොලර් 500ක් දක්වා, එක්වරක් පමණක් ලබාදෙන) ඇතුලත් වේ.

University of Queensland

කෙටි කාලීන දුෂ්කරතා සඳහා මුදල් ආධාර ලබාදීම සිදුකෙරේ මේ අනුව සිසුන් සීමිත සංක්‍යාවක් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 2000 ක ණයක් ලබාගත හැකි වේ.

මෙය නිවාස කුලී, බිල්පත්, ගමන් වියදම් ,අධ්‍යාපන වියදම් සහ සෞක්‍ය වියදම් සඳහා භාවිත කල හැකි වේ.එසේ නමුත් මෙම මුදල් විශ්වවිද්‍යාල ගාස්තු,රක්ෂණාවරණ ගාස්තු හෝ ක්‍රෙඩිට් කාඩ් සඳහා භාවිත කළ නොහැක.


 

සවන්දෙන්න SBS  සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

සජීවීව සහ පසුව වැඩසටහනට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න


University of Tasmania

ඕස්ට්‍රේලියානු ඩොලර් 350ක් දක්වා වූ වේගවත් සහ ආරක්ෂිත මුල්‍යාධාරයන් පිරිනැමේ.මෙමගින් අද්‍යාපනය සඳහා සහ ජීවන වියදම් සඳහා මුදල් ලබාගත හැකි වේ.

Western Sydney University

අද්‍යාපනය හා සම්බන්ධ කටයුතු සඳහා සහ මුලික ජීවන වියදම් සඳහා මුල්‍යමය ආධාර ලබාදේ. මීට අමතරව නිතිපතා පෝෂ්‍යදායී අහාර ලබාදීම සිදුකරන අතර භාණ්ඩ ලබාගැනීම සඳහා එක්වරක් පමණක් භාවිතකලහැකි වවුචර ලබාදේ.

University of Wollongong

ඕස්ට්‍රේලියානු ඩොලර් 1500 දක්වා වූ ජීවන වියදම් ආධාර ලබාදෙන අතර අන්තර්ජාල වේගය වැඩිදියුණු කිරීම සඳහා සහ මෘදුකාංග මිලදීගැනීම සඳහා මුදල් ආධාර ලබාදේ.නමුත් ඒ අයදුම්කරුවන් සම්බන්ධව පෞද්ගලිකව තක්සේරුවකට එළඹීමෙන් පසුවයි.

Students sit next to the quadrangle at the University of Sydney,
Source: AAP Image/Paul Miller
University of Sydney

අන්තර්ජාතික සිසුන් සඳහා වන මුල්‍යාධාර ලබාදීම වසාදමා ඇතිබවට විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ සඳහන් වෙයි. එසේ නමුත් සාමාන්‍ය ශිෂ්‍යාධාර ලබාදීම ක්‍රියාත්මකවන අතර එමගින් ජීවන් වියදම් සහ අද්‍යාපන කටයුතු සඳහා වියදම් ලබාගැනීමට සිසුන් හට හැකියාව පවතී.

La Trobe University

කොටස් දෙකකින් සමන්විත මුල්‍යාධාර ලබාදේ.

තාක්ෂණික ආධාර -

Laptop පරිඝනක සඳහා ප්‍රතිපාදන සහ තම නිවාස තුළ අන්තර්ජාල පහසුකම්/පරිඝනක ඇති සිසුන් හට ඕස්ට්‍රේලියානු ඩොලර් 150ක ආධාර.

අර්බුධ සඳහා වන ආධාර -

නිවාස අනාරක්ෂිතභාවය හේතුවෙන් අසරණව සිටින සහ දැඩි මුල්‍ය අවශ්‍යතා සහිත සිසුන් හට එක වරක් පමනක් හිමිවන ඕස්ට්‍රේලියානු ඩොලර් 3000ක මුදල් ආධාර හිමිවේ.

Griffith University

සිසුන් හට ජීවන වියදම් සඳහා සහ අද්‍යාපන කටයුතු සඳහා පොලී රහිත ණය ලබාගැනීමේ හැකියාවක් පවතින අතර සුදුසුකම් ලබන සිසුන් හට පමණක් ඕස්ට්‍රේලියානු ඩොලර් 1000ක් දක්වා ණයක් ලබාගත හැක.

නමුත් එම ණය නැවත ගෙවීමේ කාලසීමාව

ජාත්‍යන්තර සිසුවකුට මාස 06ක් වන අතර

දේශීය සිසුවකුට මාස 12ක් වේ.

SBS radio
Source: SBS radio


Share

10 min read

Published

Updated

By Deeju Sivadas, Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now