SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා ඔස්ට්‍රේලියාවේ සේවකයින් හට "වසංගත නිවාඩු" නමින් නව නිවාඩු වර්ගයක් හඳුන්වා දෙයි

Australian workers will now be entitled to so-called "pandemic leave"
Source: pexels

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සේවකයින් හට "වසංගත නිවාඩු" නමින් නව නිවාඩු වර්ගයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඊයේ (02/04) හඳුන්වා දුන්නේය.

මෙම වසංගත කාලයේදී මිලියන ගණනක ඔස්ට්‍රේලියානු සේවකයින් හට මෙය වැදගත් වනු ඇති බව රජය පැවසීය.

දැනට ක්‍රියාත්මක ඔස්ට්‍රේලියාවේ රැකියා නියුක්ති ඛාණ්ඩ 121 න් 103 ක් ම මේ සඳහා සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

මෙම නව වසංගත නිවාඩු හරහා කොරෝනා වසංගතය හමුවේ සති දෙකක වැටුප් රහිත නිවාඩු ගැනීමට සුදුසුකම් ඇති සේවකයින්ට අවස්ථාව හිමිවේ.

ස්වයං නිරෝධායනය වීමට හෝ කොරෝනා වසංගතය නිසා රැකියාවට යාමට අපහසු වීම යන හේතු මත ඔවුන්ට මෙම නිවාඩු ලබා ගැනීමට හැකියාව ලැබේ.

ඔස්ට්‍රේලියානු ආර්ථිකය ආරක්ෂා කරගැනීමට මෙවැනි අන්දමේ සංශෝධන ගෙන ඒම ඉතා වැදගත් බව කර්මාන්ත කටයුතු අමාත්‍ය හා නීතිපති Christian Porter පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now