Key Points
- ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නව දත්ත මඟින් පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියානුවන් විසින් වියදම් අඩු කර ඇති භාණ්ඩ මොනවාදැයි අනාවරණය කර තිබේ.
- නව ABS දත්ත මගින් ඔස්ට්‍රේලියානුවන් වියදම් කරන ආකාරය සහ ඔවුන් විසින් වියදම් කිරීම නවතා ඇත්තේ කුමන භාණ්ඩ මත දැයි පෙන්වා දේ. ඇඳුම් පැළඳුම් සහ පාවහන් සඳහා වන වියදම් පසු ගිය වසර 3.4 %කින් පහත වැටී තිබේ.
- නමුත් ආහාර සඳහා වියදම් කිරීම 5.8 %කින් ඉහළ ගොස් ඇති අතර එම අගය ආහාර මිල ඉහළ යාම පිළිඹිබු කරනු ලබයි.
ඔස්ට්‍රේලියානුවන් ආහාර සඳහා වැඩිපුර වියදම් කරන නමුත් ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් නව ඇඳුම්, සපත්තු , ගෘහභාණ්ඩ සහ ගෘහ උපකරණ සඳහා යන වියදම් අඩු කොට තිබේ.
සිය අභිමතය පරිදි මිලට ගන්නා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා සඳහා ඔස්ට්‍රේලියාවේ එක් පවුලක් විසින් සිදු කරන වියදම පසුගිය වසරේ මැයි මාසයට වඩා 0.6 %කින් අඩු බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නවතම දත්ත මගින් පෙන්වා දේ
ජනතාව සිය කැමැත්ත පරිදි සිදුකරන මිලදී ගැනීම් වල පහත වැටීමට හේතුව ඔවුන් විසින් ගෘහ භාණ්ඩ සහ ගෘහ උපකරණ මෙන්ම ඇඳුම් සහ පාවහන් සඳහා ද මේ වසරේදී එතරම් වියදම් නොකිරීමයි.
පසුගිය වසරේ ගෘහ භාණ්ඩ සහ ගෘහ උපකරණ සඳහා වියදම් 4.8 %කින් පහත වැටී ඇති අතර ඇඳුම් පැළඳුම් සහ පාවහන් සඳහා වියදම් 3.4 %කින් පහත වැටී තිබේ
නමුත් ඔස්ට්‍රේලියානුවන් ආහාර සඳහා සිදු කළ වියදම 5.8 %කින් ඉහළ ගොස් ඇති අතර එය ආහාර මිල ඉහළ යාම පිළිබිඹු කරයි.
ඔස්ට්‍රේලියානුවන් හෝටල්, කැෆේ සහ ආපනශාලා වලින් ආහාර ගැනීමට මෙන්ම ප්‍රවාහනය සඳහා ද වැඩි මුදලක් වැය කරනු ලබයි. මෙම කාණ්ඩ සඳහා වියදම් කිරීම පසු ගිය වසර තුළ අවම වශයෙන් සියයට 7.7 %කින් ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් , පවුලේ සමස්ත වියදම 3.3 % කින් වැඩි වී තිබේ.
පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ මැයි මාසයේදී සමස්ත පවුලේ වියදම 3.3 %කින් ඉහළ ගොස් ඇති අතර, එය 2021 ජූලි මාසයෙන් පසු වාර්තා වන අඩුම වර්ධන වේගය වේ. ඔස්ට්‍රේලියානු පවුල් විසින් ජීවන වියදම් පීඩනයන්ට දක්වන ප්‍රතිචාරය මින් පැහැදිලි වන බව ABS හි ප්‍රධානී Robert Ewing පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ප්‍රාන්ත හා ටෙරිටරිය අනුව ඔස්ට්‍රේලියානුවන් වියදම් කරන්නේ මෙහෙමයි
ඔස්ට්‍රේලියාවේ වියදම්වල විශාලතම වැඩිවීම බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එය 4.7 % ක් බව වාර්තා වේ. එම ප්‍රාන්තයේ පදිංචිකරුවන් වැඩි වශයෙන් ප්‍රවාහනය සහ සෞඛ්‍යය සඳහා වියදම් කරයි.
ඉන් පසුව වාර්තා වන වැඩිම වියදම් ACT සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වලින් වාර්තා වේ. ආහාර, විවිධ භාණ්ඩ සහ සේවා වෙනුවෙන් එම වියදම්වලින් වැඩි ප්‍රමාණයක් යොදවනු ලැබේ.
නොදර්න්් ටෙරිටරි හි වියදම් වල අඩුම වැඩිවීමක් වාර්තා වන අතර, එය වසර පුරා වියදම්වල 0.8% ක වැඩිවීමක් වේ.

ඔස්ට්‍රේලියාවේ පසු ගිය මැයි මාසයේ වියදම් පිළිබඳ මෙම තොරතුරු පුද්ගල අනන්‍යතාවය හෙළි නොවන පරිදි ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මූල්‍ය ආයතන වෙතින් බැංකු කාඩ්පත් සහ බැංකු ගනුදෙනු ඇසුරෙන් එකතු කළ දත්ත මගින් ලබා ගෙන තිබේ.

