SKIP TO MAIN CONTENT

විදේශයන් හි සිරවී සිටින ඕස්ට්‍රේලියානුවන් යළි ගෙන්වා ගන්න වැඩිපුර ගුවන් සේවා ඉල්ලයි

flights
Source: Getty Images

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

විදේශයන් හි සිරවී සිටින ඕස්ට්‍රේලියානුවන් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා වැඩිපුර ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසට දැනට විදේශයන්හි සිටින ඔස්ට්‍රේලියානුවෝ මෙරට රජයෙන් ඉල්ලා සිටිති.

බ්‍රිතාන්‍යයේ හටගෙන ඇති නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන්, සිංගප්පූරුව සහ හොංකොං විසින් බ්‍රිතන්‍යයේ සිට පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ ගුවන්තොටුපළ හරහා ගමන් කිරීම තහනම් කිරීමෙන් පසු මෙම ඉල්ලීම සිදුකරනු ලැබ ඇත.

මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය, මුලින් පැවති කොරෝනා වෛරසයට වඩා බෝ වීමේ සම්භාවිතාව වැඩි බවට හඳුනාගෙන ඇති බැවින් මේ වන විට යුරෝපීය හා ආසියානු රටවල් ගණනාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීමට පෙළඹී ඇත.

ගුවන් ගමන් සඳහා පැනවී ඇති මෙම නව සීමාවන් නිසා මේ වන විට බ්‍රිතාන්‍යයේ සිරවී සිටින ඕස්ට්‍රේලියානුවන් සඳහා විකල්ප සොයා ගැනීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍යයේ පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසා සිටී.

මේ වන විට ආපසු පැමිණීමට නොහැකිව බ්‍රිතානයේ සිරවී සිටින ඕස්ට්‍රේලියානු ජාතික මාරිසා ෆෙරාරෝ ප්‍රවෘති අංශයට පවසා සිටියේ මෙම අවිනිශ්චිතතාවය විශාල පීඩාවක් ඇති කොට තිබෙන බවයි.

වාර්තා වන පරිදි මේ වන විට ඕස්ට්‍රේලියානුවන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් තවමත් විදේශයන්හි සිරවී සිටී.

මෙවන් හදිසි අවස්ථා වලදී නිරෝධායන පහසුකම් වැඩිකරලීම මඟින් ඕස්ට්‍රේලියානුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීම කාර්යක්ෂම කරන ලෙසට කම්කරු පක්ෂයේ විදේශ කටයුතු ප්‍රකාශක පෙනි වොං අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now