ඔස්ට්‍රේලියාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජනය පහත වැටුණද "අයිස්" භාවිතය ඉහළට (SBS සිංහල/ වාර්තා)

2021 අගෝස්තු සහ 2022 අගෝස්තු අතර කාලය තුළ ඔස්ට්‍රේලියාවේ අපජල පද්ධතිවල (wastewater systems) මෙතිලම්පෙටමින් හෙවත් "අයිස්", කොකේන්, හෙරොයින් සහ MDMA ටොන් 14කට වඩා වැඩි ප්‍රමාණයක් අනාවරණය කරගෙන තිබේ.

A dog sniffing a suitcase and a bag of cannabis.

Ketamine and cannabis are growing in popularity while cocaine is declining, wastewater analysis shows. Source: AAP / Joe Hildebrand

ඔස්ට්‍රේලියාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජනය පහත වැටී ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දී තිබේ.

නමුත් ජීවන වියදම් පීඩනය නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ඉල්ලුමට කිසිදු බලපෑමක් ඇති කර නැති බවත් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනප්‍රිය මත්ද්‍රව්‍යද මිල අධික බවත් එම වාර්තාව අනාවරණය කරයි.

ඔස්ට්‍රේලියාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජනය

2021 අගෝස්තු සහ 2022 අගෝස්තු අතර කාලය තුළ ඔස්ට්‍රේලියාවේ අපජල පද්ධතිවල (wastewater systems) මෙතිලම්පෙටමින් හෙවත් "අයිස්", කොකේන්, හෙරොයින් සහ MDMA ටොන් 14කට වඩා වැඩි ප්‍රමාණයක් අනාවරණය කරගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු අපරාධ බුද්ධි කොමිසමේ (ACIC) නවතම අපජල පද්ධති විමර්ශනය මෙම දත්ත අනාවරණය කර ඇත.

මෙතිලැම්ෆෙටමින් හෙවත් "අයිස්", ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම පරිභෝජනය කරන නීති විරෝධී මත්ද්‍රව්‍ය ලෙස දිගටම පවතින බව මෙම දත්ත හරහා සොයාගෙන ඇත.

ඒ අතර කොකේන් මත්ද්‍රව්‍ය ජාතික වශයෙන් වාර්තාගත අඩු පරිභෝජනයක් ද දුටු බව වැඩබලන ACIC ප්‍රධාන විධායක නිලධාරී Matt Rippon පැවසීය.

අනාවරණය වී ඇති මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 10% ක පමණ අඩුවීමක් පෙන්වන නමුත් මූල්‍ය පීඩනයට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම් පහත වැටීම එයට හේතු වූ බව ACIC කොමිසම පැවසීය.
Illicit drugs and cash
Police say drug seizures have contributed to lower drug consumption. Source: AAP

මත්ද්‍රව්‍ය මිල ගණන් සහ පරිභෝජන රටාව

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල ඇස්තමේන්තුගත street value හෙවත් වීදිවල අලෙවි කරන මිල අනුව වටිනාකම ඩොලර් බිලියන 10 ක් වූ බව ඔස්ට්‍රේලියානු අපරාධ බුද්ධි කොමිසමේ (ACIC) මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රධාන උපදේශක Shane Neilson පැවසීය.

එම ප්‍රමාණයෙන් 83% කට වඩා වැඩි ප්‍රමාණයක් මෙතිලම්ෆෙටමින් හෙවත් "අයිස්" මත්ද්‍රව්‍ය විය.

ඔපියොයිඩ් ජාතික වශයෙන් වැඩියෙන්ම භාවිත කරන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අතර හෙරොයින් දෙවන ස්ථානයට පත්වීමත් සමඟ ඔක්සිකෝඩෝන් සහ ෆෙන්ටැනයිල් පරිභෝජනය ද වැඩිවෙමින් පවතී.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

Opioids ඔස්ට්‍රේලියාව පුරා වැඩියෙන්ම පරිභෝජනය වර්ධනය වන නීති විරෝධී මත්ද්‍රව්‍ය වන අතර හෙරොයින් දෙවනුවට පත්වී තිබේ.

එමෙන්ම oxycodone සහ fentanyl වල පරිභෝජනය ද ඔස්ට්‍රේලියාවේ ඉහළ යමින් ඇත.

MDMA පරිභෝජනය 41% කින් පහත වැටී ඇති අතර කොකේන් පරිභෝජනය තුනෙන් එකකින් පමණ පහත වැටී ඇත.

කොකේන්වල මධ්‍ය වීදි මිල Crystal methylamphetamine මිලට වඩා අඩු බැවින් කොකේන් පරිභෝජනය අඩුවීමට මිල සාධකයක් ලෙස නොපෙනෙන බව එම වාර්තාව හෙළි කරයි.

2022 වසරේදී කොකේන් කිලෝග්‍රෑම් 600ක් අත්අඩංගුවට ගත් බව ගණන් බලා ඇති අතර එය ශරීරගත වූවා යැයි සිතන ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වේ.

"අයිස්" වසංගතය

Methylamphetamine හෙවත් "අයිස්" හේතුවෙන් යුරෝපීය අපරාධ කල්ලි තමන් නිෂ්පාදනය කරන MDMA ප්‍රමාණය අඩු කර ඇත.

මේ අතර උතුරු ඇමරිකාවේ පවතින opioid අර්බුදය ඔස්ට්‍රේලියාවට නොපැමිණෙනු ඇතැයි ඔස්ට්‍රේලියානු අපරාධ බුද්ධි කොමිසමේ (ACIC) මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රධාන උපදේශක Shane Neilson සුබවාදී ලෙස දකියි.

කෙසේවෙතත්, ඇතැම් රෝග තත්ත්වයන් සඳහා නියම කළ හැකි ඖෂධ බොහෝ විට වැරදි ලෙස භාවිතා කරන බවද වාර්තා වේ.

ඇතැම් පුද්ගලයින් තමන්ට ලැබෙන ඖෂධ නීත්‍යානුකූලව ලබා ගන්නා නමුත් ඒවා සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් නීති විරෝධී ලෙස භාවිතා කරන තත්ත්වයක් ද ඇති බව ද Shane Neilson ප්‍රකාශ කළේය.

දේශීය නිෂ්පාදන සහ ආනයනයන් හේතුවෙන් අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පරිශීලකයින්ට පහසුවෙන් එයට ප්‍රවේශ විය හැකි බැවින් අයිස් මෙතරම් ජනප්‍රිය වීමට එක් හේතුවක් වන බවද ඔහු අවධාරණය කළේය.
Ketamine සහ කංසා ද මත්ද්‍රව්‍ය ලෙස ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වෙමින් පවතී.

නිකොටින් සහ මධ්‍යසාර බහුලව භාවිතා වන ද්‍රව්‍ය ලෙස පවතින අතර ඒවායේ පරිභෝජනය සාපේක්ෂව ස්ථායී වේ.

දෙසැම්බර් මාසය මත්ද්‍රව්‍ය පරිභෝජනය සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය කාලය වන අතර, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල එකතුවන් විසින් උත්සව සමයේදී මත්ද්‍රව්‍ය සැපයුම වැඩි කිරීම සහ මිනිසුන්ට ඒවා ගැනීමට ඇති අවස්ථා වැඩි වීම ඊට හේතුව යැයි විශ්වාස කෙරේ.


Share

Published

By Madhura Seneviratne
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service