SKIP TO MAIN CONTENT

ඉදිරි වසර දෙක තුළ ඔස්ට්‍රේලියාවේ ගෑස් හිඟයක් ඇති නොවන බවට ගෑස් යෝධයන්ගෙන් සහතිකයක්.

Australia's big gas companies agree on supply for 2018.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ පිහිටි ප්‍රධාන පෙළේ ගෑස් අපනයන සමාගම් ඉදිරි වසර දෙක ඇතුළත ඔස්ට්‍රේලියාව තුළ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවට අද (27/09) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට පොරොන්දු වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ගෑස් සමාගම් වන Shell, Origin Energy සහ Santos යන සමාගම් ක්වීන්ස්ලන්තයේ ඇති විශාල ගෑස් අපනයන පර්යන්ත පවතවාගෙන යයි.

එම සමාගම් වල විධායක නිලධාරීන් සමග අද පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළඹී බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ගෑස් අපනයනය විශාල පරිමාණයෙන් කරගෙන යාම හේතුවෙන් 2018 – 19 වසර වලදී දේශීය වශයෙන් ගෑස් හිඟයක් ඇතිවිය හැකි බවට ලද අනතුරු ඇඟවීමක් නිසා මෙම රැස්වීම් පැවැත්වීමට මධ්‍යම රජය කටයුතු කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now