SKIP TO MAIN CONTENT

දේශගුණික විපර්යාස අවම කිරීමේ ප්‍රතිපත්ති වලින් ඔස්ට්‍රේලියාව අවසන් 5 අතරට පල්ලම් බසී.

climate change
မူခိၣ်ကလံၤသီၣ်ဂီၤတၢ်ဆီတလဲဒီးတၢ်ကိၢ်ဒိၣ်ထီၣ်ကွ့ၢ်ကွ့ၢ်အတၢ်လီၤဘၣ်ယိၣ် Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

දේශගුණික විපර්යාස අවම කිරීමේ ප්‍රතිපත්ති වලින් ඔස්ට්‍රේලියාව අනෙක් රටවල් සමග සසඳන කල පහළම ස්ථානයක සිටින බව වාර්තා වේ.

ඒ අනුව දේශගුණික විපර්යාස අවම කිරීමේ ඔස්ට්‍රේලියානු ප්‍රතිපත්ති රටවල් 61 ක් අතර 57 වන තැනට පත්ව තිබේ.

මෙහිදී ඔස්ට්‍රේලියාව ඉහළින් සිටින්නේ දකුණු කොරියාව, කසකස්ථානය, ජපානය සහ සෞදි අරබියාවට පමණි.

මෙම පහළ යාමට වත්මන් ටර්න්බුල් රජය සෘජුව වග කිව යුතු බවට කම්කරු පක්ෂය චෝදනා කරයි.

“අපගේ ජාත්‍යන්තර බැඳීම් විතරක් නෙමෙයි අපේ අනාගත ඔස්ට්‍රේලියානු පරම්පරාවත් ටර්න්බුල් රජය අසමත් කර තිබෙනවා” යනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ඡායා අමාත්‍ය Mark Butler අද (16/11) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now