දේශගුණික විපර්යාස අවම කිරීමේ ප්‍රතිපත්ති වලින් ඔස්ට්‍රේලියාව අනෙක් රටවල් සමග සසඳන කල පහළම ස්ථානයක සිටින බව වාර්තා වේ.
ඒ අනුව දේශගුණික විපර්යාස අවම කිරීමේ ඔස්ට්‍රේලියානු ප්‍රතිපත්ති රටවල් 61 ක් අතර 57 වන තැනට පත්ව තිබේ.
මෙහිදී ඔස්ට්‍රේලියාව ඉහළින් සිටින්නේ දකුණු කොරියාව, කසකස්ථානය, ජපානය සහ සෞදි අරබියාවට පමණි.
මෙම පහළ යාමට වත්මන් ටර්න්බුල් රජය සෘජුව වග කිව යුතු බවට කම්කරු පක්ෂය චෝදනා කරයි.
“අපගේ ජාත්‍යන්තර බැඳීම් විතරක් නෙමෙයි අපේ අනාගත ඔස්ට්‍රේලියානු පරම්පරාවත් ටර්න්බුල් රජය අසමත් කර තිබෙනවා” යනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ඡායා අමාත්‍ය Mark Butler අද (16/11) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
SBS පුවත් ඇසුරෙනි.
Share

