SKIP TO MAIN CONTENT

ගතවූ පැය 24 ඇතුළත ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100 ක් වෙයි

Australia's Coronavirus cases jump to 6,152
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (10/04) පෙරවරු 6 වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,152 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව ගතවූ පැය 24 ඇතුළත ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100 කි.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 51 ක් ලෙසට සටහන් වී තිබේ.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම ප්‍රමාණය 2,822 කි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 1,228 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 953 දෙනෙකු වාර්තා වන බවද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 495 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 421 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 106 ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 100 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27 ක් ලෙස දැක්වුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now