ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (07/04) පෙරවරු 11 වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා අසාදනයෙන් මියගිය සංඛ්‍යාව 45 ක් දක්වා ඉහල යයි.
Ruby princes මගී නෞකාවේ සිට මෙරටට පැමිනි පිරිසෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාතියේදී මියගිය අතර මොවුන් දෙදෙනාම නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත වැසියන් වේ.
එසේම නිව් සවුත් වේල්ස්හි ඩොරති හෙන්ඩර්සන් ලොජ් වයස්ගත සත්කාරක නිවාසයට සම්බන්ධ 90 හැවිරිදි පුද්ගලයෙකුද කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ දිනයේදී මරණයට පත්ව තිබේ. එම පුද්ගලයා එම වයස්ගත සත්කාරක නිවාසයේ නේවාසික වැඩිහිටියන් අතරින් කොරෝනා හේතුවෙන් මරණයට පත්වුණු 6 වන පුද්ගලයා බවද වාර්තා වේ.
එසේම එම වැඩිහිටි සත්කාරක නිවාසයේ තවත් නේවාසිකව වසන වැඩිහිටියන් 16 දෙනෙකු සහ සේවකයින් පස් දෙනෙකු ද කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව හෙළිව තිබේ.
එසේම වික්ටෝරියා ප්‍රාන්ත වැසියෙකුද කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය බව අද උදෑසන වාර්තා විය. මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොරෝනා අසාදනයෙන් මියගිය සමස්ත සංඛ්‍යාව 11 දක්වා ඉහල යයි.
කොරොන වයිරස් ආශ්‍රිත පළමු මරණය දකුණු ඕස්ට්‍රේලියාවේ වාර්තා වී ඇත. වෛරසය වැළඳුණු 75 හැවිරිදි පුද්ගලයා සඳුදා රාත්‍රියේ රාජකීය ඇඩිලේඩ් රෝහලේදී මියගිය බව South Australian Health තහවුරු කරයි.
මේ අතර ඕස්ට්‍රේලියාවේ COVID-19 ආසාදන වේගය මන්දගාමී වී ඇතැයි වාර්තා වේ. එහෙත් පසුගිය සතිය තුළ මරණ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී තිබේ.
අද වන විට, ඕස්ට්‍රේලියානුවන් 5800 කට ආසන්න සංඛ්‍යාවකට කොරනා වයිරසය වැළඳී ඇත.

