SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ මේ පිරිසටත් දැන් කොරෝනා වයිරසය ආසාදනය වූවාදැයි පරීක්ෂා කරගත හැකියි

Coronavirus test, population, coronavirus, infected
The total number of confirmed cases of the coronavirus around the world has passed two-million. Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය ආසාදනය වූවාදැයි සිදු කෙරෙන පරීක්ෂණ සඳහා භාජනය කරන පිරිස පුළුල් කිරීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.

මීට පෙර කොරෝනා පරීක්ෂාව සිදු කරගත හැකිව තිබුණේ ඒ ආශ්‍රිත රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට, විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණ අසනීප තත්ත්වයෙන් පසුවන පුද්ගලයින්ට හා කොරෝනා ආසාදිතයෙකු සමග සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයින්ට පමණි.

නමුත් මේ වන විට උණ හෝ තද ශ්වසන ආසාදන තත්ත්වයක් ඇති පුද්ගලයින්ට, සෞඛ්‍ය, වැඩිහිටි සුරැකුම් වැනි වැඩි අවදානම් ක්ෂේත්‍ර වල සේවය කරන පුද්ගලයින්ට ද කොරෝනා පරීක්ෂණය සිදු කරගත හැකිය.

එමෙන්ම ප්‍රාදේශීයව වෙසෙන ඇබොර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන්ට ද මෙම කොරෝනා පරීක්ෂාව දැන් සිදුකරගැනීමට අවස්ථාව ලබා දී ඇත.

මේ අතර හේතුවක් නොමැතිව උණ සහ තද ශ්වසන ආසාදන තත්ත්වයන් සහිත රෝහල්ගත වී සිටින රෝගීන්ටද මෙම කොරෝනා පරීක්ෂාව දැන් සිදුකර ගත හැකිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now