SKIP TO MAIN CONTENT

කොරෝනා වෛරසයෙන් ඕස්ට්‍රේලියාව තුළ මියගිය සංඛ්‍යාව 98 දක්වා ඉහලට.

Doctors and nurses wearing protective equipment
Source: AAP Image/EPA/ANGELO CARCONI

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ඔස්ට්‍රේලියාව මේ වන විට මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 98 දක්වා ඉහල ගොස් තිබේ. ඒ මීට මස 2කට පමණ පෙර දැඩි ආන්දෝලනයක තුඩු දුන් Ruby Princess නෞකාවේ ගමන් ගත් 81 හැවිරිදි කාන්තාවක පසුගිය අඟහරුවාදා (12) දින මිය යාමත් සමගයි. මෙම කාන්තාවගේ මිය යාම Ruby Princess නෞකාව හා සම්බන්ධව සිදු වූ 22වන මරණය වශයෙන් සැලකේ.

Ruby Princess
Source: NSW Police

මේ පිළිබඳව අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පවසන්නේ කොරෝනා වෛරසයත් සමග ලොව පුරා කෘස් නෞකා කර්මාන්තයට ගැටළු රැසක් මතුව ඇති අතර සියල්ල පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි. එමෙන්ම ඔහු කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සෑම අයෙකු සඳහාත් ඔවුන්ගේ පවුල් සඳහාත් කණගාටුව ප්‍රකාශ කරන බව සඳහන් කොට සිටී.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් 6දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු මින් පෙර මරණ 18ක් වාර්තා වූ Newmarch House වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයේ සේවය කල හෙදියන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් බව වාර්තා වේ.

මේ අතර වික්ටෝරියා ප්‍රන්තයෙන්ද වෛරසය අසාදනය වූ නව රෝගීන් 7 දෙනෙකු වාර්තා වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now