SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධ සියළු මූලික කටයුතු තහවුරු කෙරේ

vaccine, Pfizer, COVID-19, Philippines, Christmas
Source: ARIANA DREHSLER/AFP via Getty Images

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධ සියළු මූලික කටයුතු තහවුරු කෙරේ.

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට මෙරට ජාතික එන්නත් ජාලය ක්‍රියාත්මක කරන සහ අධීක්ෂණය කරන සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කොට අවසන්.

ඒ අනුව කොරෝනා එන්නත් බෙදා හැරීමේ වගකීම දරනු ලබන්නේ DHL සහ ලින්ෆොක්ස් යන සමාගම් වන අතර එන්නත් සම්බන්ද අධීක්ෂණය සහ වාර්තා තබා ගැනීම, ඩිජිටල් ආරක්ෂක සමාගමක් වන ඇක්සෙන්චර් සමාගම විසින් සිදුකෙරෙනු ඇත. මෙම සමගම විසින් එක් පුද්ගලයෙකුට ලබාදෙන එන්නත් මාත්‍රාව ගණනය කිරීම සහ ඉන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් ද අධීක්ෂණය කරනු ඇත.

කොරෝනා නිවාරණ එන්නත මෙරට වැසියන්ට ලබාදීමේ ක්‍රියාවලිය ලබන වසරේ මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව සියලුම ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ බොහෝ වීසා බලපත්‍රලාභීන්ට එය නොමිලේ ලබාදීම සිදුවන අතර එන්නත ලබාගැනීම අනිවාර්ය කොට නොමැත.

ඔස්ට්‍රේලියාව මේ වන විට Pfizer, Novavax සහ AstraZeneca යන COVID-19 එන්නත් තුන සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now