COVID 19 update 04 August: ඔස්ට්‍රේලියාවේ වත්මන් Omicron රැල්ල වේලාසනින්ම උච්චස්ථානයට පැමිණි ලකුණු

2022 අගෝස්තු 04 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

CORONAVIRUS COVID19

Health Minister Mark Butler said data shows the current Omicron may have peaked early in the country, but they are still not calling it. (file) Source: AAP / Darren England

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 85 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 33 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 31 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 09 ක්ද ඊට ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

ඔස්ට්‍රේලියාවේ වත්මන් COVID-19, Monkeypox (MPX) සහ පාද සහ මුඛ රෝග තත්ත්වයන් පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා අගමැති Anthony Albanese online ආකාරයට ජාතික කැබිනට් මණ්ඩලයේ රැස්වීමක් පැවැත්වීය.

දත්ත වලට අනුව වත්මන් Omicron ප්‍රභේදය රට තුළ පැතිරීම ඉක්මනින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසුවේය. නමුත් ඒ පිළිබඳ තවමත් සැලකිල්ලක් නොදක්වන බවත් පාසල් නිවාඩු කාලය නව ආසාදන අඩුවීමට හේතුවක් විය හැකි බවත් ඔහු පැවසීය.

මේ අතර තුන්වන පරම්පරාවේ නව monkeypox වයිරස් එන්නත් මාත්‍රා 450,000 ක් ලබාගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය Mark Butler එහිදී දන්වා සිටියේය. මාත්‍රා 220,000 ක monkeypox එන්නතේ පළමු තොගය මේ සතියේ ඔස්ට්‍රේලියාවට පැමිණෙනු ඇත.

ප්‍රාන්ත සහ ටෙරිටරි ඉක්මනින් මෙම එන්නත් ලබාගෙන බෙදාහැරීම ආරම්භ කරන බව ද ඔහු පැවසීය.

ප්‍රජා සහභාගීත්වය පිළිබඳ නායකත්වය සහ ප්‍රතිපත්ති උපදෙස් සැපයීම සඳහා ජාතික monkeypox කාර්ය සාධක බලකායක් පිහිටුවන බව ද සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

COVID නීති කඩ කිරීම සම්බන්ධයෙන් ළමුන් 3,000කට පමණ නිකුත් කර ඇති COVID-19 දඩ මුදල් ප්‍රතිස්ථාපනය නොකිරීමට NSW රජය ගත් තීරණය එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය උල්ලංඝනය කළ හැකි බව UNSW හි නීතිය සහ යුක්තිය පිළිබඳ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Noam Peleg පැවසුවාය.

දඩ ගැසීම ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය උල්ලංඝනය කිරීමක් ලෙස ආචාර්ය Noam Peleg සඳහන් කළාය.

NSW ප්‍රාන්තයේ වත්මන් Omicron රැල්ල උපරිමයට පැමිණ ඇති අතර රෝහල්ගතවීම් සාමාන්‍ය අගයකට පැමිණ ඇති බව NSW Health බ්‍රහස්පතින්දා සිය නවතම සතිපතා වාර්තාවේ ප්‍රකාශ කළේය.

ගෝලීය COVID-19 ආසාදන පෙර සතියට සාපේක්ෂව පසුගිය සතියේ 9% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කරයි.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව, ජපානය සහ කොරියාව ඇතුළු බටහිර පැසිෆික් කලාපයේ නව සතිපතා රෝගීන් 20% කින් වැඩිවී තිබේ.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now