කොවිඩ් වසංගතයට ඔස්ට්‍රේලියාවේ හදිසි ප්‍රතිචාරය අදින් අවසන්, සියලු වෙනස්කම් මෙන්න

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

AUSTRALIAN DAILY LIFE

Workers and pedestrians are seen during lunch time at Circular Quay on a sunny day under the canopy of jacaranda trees in Sydney. (file) Source: AAP / BRENDAN ESPOSITO/AAPIMAGE

COVID-19 ආසාදනය වූ පුද්ගලයින් සඳහා අනිවාර්ය ස්වයං නිරෝධායනය කිරීම ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත සහ ටෙරිටරිවල අදින් අවසන් වේ.

ඒ අනුව Aged care, disability care, aboriginal healthcare සහ hospital care අංශවල අනියම් සේවකයන්ට හැර වසංගත නිවාඩු ආපදා ගෙවීමද අදින් අවසන් වෙයි.

ඉහළ අවදානම් සේවා ස්ථානවල සිටින COVID-19 ආසාදිත සේවකයින් නැවත සේවයට පැමිණිය යුත්තේ දින හතකට පසුව පමණක් වන බවත් රෝග ලක්ෂණ රහිත විය යුතු බවත් NSW Health පවසයි.

ඇතැම් ප්‍රාන්ත සහ ටෙරිටරිවල RAT පරීක්ෂණ ප්‍රතිඵල වාර්තා කිරීම තවමත් අනිවාර්ය වේ.

ඉහළ අවදානම් සහිත ස්ථානවල මුව ආවරණ පැළඳීම සහ රටේ සෞඛ්‍ය සේවකයින් සඳහා අනිවාර්ය එන්නත් කිරීම හැර COVID-19 නීති බොහොමයක් මේ වන විට ඉවත් කර ඇත.

සෑම ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා long COVID වැළඳී ඇති බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ නව අධ්‍යයනයකින් පෙන්නුම් කරයි.

රෝග ලක්ෂණ කිහිපයක් ඇති හෝ long COVID වැළඳී ඇති පුද්ගලයින් ඔවුන්ගේ යහපැවැත්මේ සැලකිය යුතු පහත වැටීමක් වාර්තා කිරීමට ඉඩ ඇති බව එම අධ්‍යනයේ ප්‍රධාන කතුවරයා වන මහාචාර්ය Nicholas Biddle පැවසුවේය.

ඔස්ට්‍රේලියානුවන්ට දැන් මුල් COVID වයිරසය සහ Omicron හි BA.1 උප ප්‍රභේදය ඉලක්ක කරන Moderna bivalent එන්නත ලබාගත හැකිය.

කෙසේ වෙතත්, කිසියම් ද්විවාර්ෂික එන්නතක් නිර්දේශ කිරීමට දැනට පවතින දත්ත ප්‍රමාණවත් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් කියා සිටියේය.

ඔස්ට්‍රේලියානුවන් අඩුවෙන් බූස්ටර් එන්නත් ලබා ගැනීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව සිය COVID එන්නතෙන් 20% ක් පමණ පසුගිය මාසයේදී ඉවත දැමූ බව The Guardian පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, එය තවමත් බහු මාත්‍රා එන්නතක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගත හැකි 15% ත් 40% ත් අතර නාස්ති මට්ටම යටතේ පවතින බව සඳහන්.

කොවිඩ් වසංගතයේ lockdown අතරතුර සිඩ්නි කලාපයේ ධනවත් නැගෙනහිර තදාසන්න ප්‍රදේශ හා සසඳන විට, බටහිර සිඩ්නි කලාපයේ වඩාත්ම බහු සංස්කෘතික උප නගරවල පදිංචිකරුවන් ඉලක්ක කර වාර්ගික වෙනස්කම්වලට ලක් වූ වා යැයි දැනුණු බව ඔස්ට්‍රේලියානු කතෝලික විශ්ව විද්‍යාලයේ සහ එක්සත් කම්කරු සංගමයේ වාර්තාවක් සඳහන් කළේය.

බටහිර සිඩ්නි සහ අනෙකුත් නගර සභාවල පදිංචිකරුවන්ට සිඩ්නි හි වෙනත් ස්ථානවලට වඩා සංචරණ කටයුතු සහ රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පිළිබඳ දැඩි සීමාවන් සමඟ සටන් කිරීමට බල කෙරුනි යනුවෙන් එම වාර්තාව පවසයි.

බටහිර ඔස්ට්‍රේලියාව ප්‍රාන්ත රජය විසින් පවත්වාගෙන යනු ලබන එන්නත් සායන අඩු කිරීමට තීරණය කර ඇත. කෙසේවෙතත්, කොවිඩ් එන්නත් තවමත් අදාළ පවුලේ වෛද්‍යවරුන් ළඟ සහ ඔසුසැල්වල තිබේ.

නව කොවිඩ් ආකෘතිය දකුණු ඔස්ට්‍රේලියාවේ මීළඟ කොවිඩ් රැල්ල දෙසැම්බරයේ මුලදී උපරිමයට පැමිණෙන බව යෝජනා කරයි. කෙසේ වෙතත්, එය පෙර පැවති ඒවාට වඩා අඩුවෙන් දරුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නත්තල් සමයේදී වැඩිම රෝහල් ගතවීම් සංඛ්‍යාවක් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් අපේක්ෂා කෙරේ.

COVID-19 සහ අනෙකුත් වසංගත පිළිබඳ ස්වාධීන කාර්ය සාධක බලකායක් විසින් COVID-19 හි මූලාරම්භය බොහෝ විට zoonotic හෙවත් වයිරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිරුණු බව සොයා ගන්නා ලදී.

තවද, COVID-19 රසායනාගාරයකින් ආරම්භ වූ බවට සහතික කළ හැකි හෝ විශ්වාස කළ හැකි සාක්ෂි එම කාර්ය සාධක බලකායට හමු නොවූ බවද වාර්තා වේ.

ඔක්තෝබර් 9 න් අවසන් වූ සතිය තුළ නව සතිපතා ගෝලීය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 10% කින් සහ මරණ 1% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කරයි.

ජර්මනිය, චීනය, ප්‍රංශය, ඇමෙරිකාව සහ ඉතාලිය සතිපතා වැඩිම ගෝලීය රෝගීන් වාර්තා කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now