SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ලිතියම් අයන “gigafactory” බැටරි කර්මාන්ත ශාලාව ඩාවින් නුවර ඉදි කෙරේ.

Australia's first battery 'gigafactory' considered for Darwin.
Source: Energy Renaissance

1 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ලිතියම් අයන “gigafactory” බැටරි කර්මාන්ත ශාලාව ඉදිකිරීමට ඔස්ට්‍රේලියානු බලශක්ති සමාගමක් තීරණය කර තිබේ.

මෙය ඩාවින් නුවර ඉදිකිරීමට ඔවුන් අදහස් කරයි.

Energy Renaissance නැමති මෙම සමගම මගින් ඉදිකරීමට අපේක්ෂිත මෙම නව කර්මාන්ත ශලාවේ මහා පරිමාණ වශයෙන් ශක්තිය ගබඩා කරගත හැකි ලිතියම් අයන බැටරි නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි.

ඒ අනුව මෙම බැටරි සන්නිවේදන ක්ෂේත්‍රයේ වාණිජ පාරිභෝගිකයින් හට මෙන්ම ආරක්ෂක සහ රාජ්‍ය අංශ සඳහා ද සැපයීමට ඔවුන් අදහස් කරයි.

මෙම කර්මාන්ත ශාලාව ඩාවින් නුවර ඉදිකිරීම පිළිබඳ Energy Renaissance සමාගම තමන් සමග සාකච්ඡා කළ බව නොදර්න් ටෙරිටරි රජයද තහවුරු කළේය.

නමුත් මේ සම්බන්ධ අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් තවමත් ගෙන නොමැති බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now