ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරය දිගටම, වෙනත් රටවල් සමඟ සැසඳීමේදී ඔස්ට්‍රේලියාව සිටින තැන මෙන්න

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රාජ්‍ය ආයතනයක් වන Workplace Gender Equality Agency (WGEA) ට අනුව ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් සහ පිරිමින් අතර ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය 22.8% කි.

A woman walks past two men on the street. All three are wearing business attire.

Australian women are earning nearly $26,000 less than their male colleagues, according to new data released by the Workplace Gender Equality Agency. Source: Getty

Gender pay gap හෙවත් ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයට විසඳුම් සෙවීමේදී ප්‍රගතියක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව අපොහොසත් වී ඇති බව නව පර්යේෂණයකින් පෙන්නුම් කරයි.

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රාජ්‍ය ආයතනයක් වන Workplace Gender Equality Agency (WGEA) ට අනුව ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් සහ පිරිමින් අතර ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය 22.8% කි.

ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය යනු කුමක්ද, එය සිදුවන්නේ කෙසේද සහ ඔස්ට්‍රේලියාව අනෙකුත් රටවල් සමඟ මෙහිදී සසඳන්නේ කෙසේද? මේ සියලු දේ පිළිබඳ මෙම ලිපියෙන් විමසා බලමු.

ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය යනු කුමක්ද?

සමස්තයක් වශයෙන් කාන්තාවන් පිරිමින්ට වඩා අඩු ආදායමක් ලැබීම ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය ලෙස අදහස් කරයි.

සමාන රැකියා භූමිකාවන්වලදී පිරිමින්ට වඩා අඩු වැටුප් ලබන කාන්තාවන් පමණක් නොව, නායකත්ව භූමිකාවන්හි සහ මණ්ඩලවල පුරප්පාඩු වන තනතුරු පිරවීම හෝ පවුල් හේතූන් මත පූර්ණ කාලීන රැකියාවෙන් ඉවත් වීම වැනි කරුණුද ඊට ඇතුළත් වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය වර්ග දෙකක් ඇති බව කාන්තා සමානාත්මතාවය, නායකත්වය සහ විවිධත්වය පිළිගැනීම වෙනුවෙන් පෙනී සිටින ජාලයක් වන සමානාත්මතා අයිතිවාසිකම් සන්ධානයේ කැඳවුම්කරු Helen Dalley-Fisher, SBS පුවත් සේවයට පැවසුවාය.

ඔබේ මූලික වැටුප මත වැටුප් පරතරයක් පැවතීම ඉන් එකකි.

පිරිමින්ට ලැබෙන ආකාරයටම කාන්තාවන්ටද රැකියාවේ ඉදිරියට යාමට අවස්ථා නොමැතිවීම හෝ අඩුවෙන් ලැබීම මෙන්ම පවුලේ උදවිය රැකබලා ගැනීම සඳහා අර්ධකාලීනව රැකියා කිරීම ඉන් දෙවැන්න ලෙස Helen සඳහන් කළාය.

ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය

දෙසැම්බර් 12 වන දින Workplace Gender Equality Agency හෙවත් WGEA විසින් ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ලකුණු නිකුත් කරන ලදී.

එහිදී 2021-22 මුල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් පිරිමින්ට වඩා සාමාන්‍යයෙන් වාර්ෂිකව ඩොලර් 26,596 අඩුවෙන් උපයා ඇති බව පෙන්නුම් කරයි.

WGEA 2021-22 සේවා යෝජක සංගණනයට අනුව සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි කාන්තා ආධිපත්‍ය සහිත කර්මාන්තවල පවා පිරිමින් කළමනාකරණ තනතුරු දැරීමට වැඩි ඉඩක් ඇති බව සොයාගෙන ඇත.

කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනියන් සංඛ්‍යාව ඔස්ට්‍රේලියාවේ මේ වන විට 22% කි.

ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය ඇතිවන්නේ කෙසේද?

ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයට ප්‍රධාන සාධක තුනක් බලපාන බව WGEA අධ්‍යක්ෂ Mary Wooldridge, SBS පුවත් සේවයට පැවසුවාය.

ආයතන පද්ධතිනම පැමිණෙන පක්ෂග්‍රාහීත්වය, දෙමාපිය රැකවරණය සහ පවුලේ උදවියගේ රැකවරණය හේතුවෙන් කාන්තාවන්ගේ වෘත්තීය ප්‍රගතිය කඩාකප්පල් වීම සහ කාන්තා සහ පුරුෂ ආධිපත්‍ය සහිත කර්මාන්ත සඳහා වැටුප්වල වෙනස්කම් එම සාධක තුන වේ.

"අපට අඩු වැටුප් ලැබීමට බහුලව දැකිය හැකි ඉතා ඉහළ ස්ත්‍රීකරණය වූ කර්මාන්ත ඇති අතර, ඉහළ වැටුප් ලබන පතල් කැණීම් වැනි ඉහළ පිරිමිකරණය වූ කර්මාන්ත ද තිබෙනවා" යනුවෙන් ඇය පැවසුවාය.

ඔස්ට්‍රේලියාව ලෝකයේ සෙසු රටවල් හා සසඳන විට

2022 ගෝලීය ස්ත්‍රී පුරුෂ වැටුප් පරතර වාර්තාවට අනුව, ඔස්ට්‍රේලියාව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සම්බන්ධයෙන් ලෝකයේ 43 වන ස්ථානයේ සිටී.

අයිස්ලන්තය, ෆින්ලන්තය සහ නෝර්වේ පිලිවෙලින් පළමු ස්ථාන තුනට පත් වී ඇති අතර නවසීලන්තය සිව්වන ස්ථානයට පත්වි ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම් ආර්ථික හා රැකියා අවස්ථා, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ දේශපාලන නායකත්වය මත පදනම් වේ.

ආර්ථික සහභාගීත්වය සහ රැකියා අවස්ථා අතින් ඔස්ට්‍රේලියාවට 38 වැනි ස්ථානය හිමිවී තිබුණි.
Infographic showine men and women's average earnings in 2021-22
Data has revealed women in Australia are earning nearly $26,000 less than their male colleagues. Source: SBS

සංක්‍රමණික සහ විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණෙන කාන්තාවන් අමතර බාධකවලට මුහුණ දෙයි

WGEA වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ස්ථානය පිළිබඳ දත්ත රැස් කරන නමුත් සේවකයෙකු සංස්කෘතික හෝ භාෂාමය වශයෙන් විවිධ පසුබිමකින් පැමිණේද යන්න වැනි වෙනත් විවිධ සාධක පිළිබඳ දත්ත තවමත් රැස්කර නොමැත.

සමානාත්මතා අයිතිවාසිකම් සන්ධානයේ කැඳවුම්කරු Helen Dalley-Fisher පවසන පරිදි, සංක්‍රමණික හෝ සරණාගත පසුබිම්වලින් පැමිණෙන කාන්තාවන්, ස්වදේශික ඔස්ට්‍රේලියානු කාන්තාවන් සමඟ සැසඳීමේදී විශාල වැටුප් පරතරයකට මුහුණ දීමට ඉඩ ඇත.

"ඔබ සංක්‍රමණික හෝ සරණාගත පසුබිමක නම්, වැටුප් පරතරය ඔබට වඩා විශාල විය හැකි බව අපි දන්නවා, ඔබ කාන්තා ආධිපත්‍ය සහිත කර්මාන්තයක වැඩ කිරීමට වැඩි ඉඩක් ඇති අතර එහිදී ඔබ බොහෝ දුරට පිරිමි පාර්ශවයට සාපේක්ෂව අඩු ආදායමක් ලැබීමට ඉඩ ඇති බවයි ඉන් අදහස් වෙනවා." ඇය පැවසුවාය.

ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අඩු කිරීමට කුමක් කළ හැකිද?

වැටුප් සමානාත්මතාවය සහ විනිවිදභාවය ඇතුළත් කිරීම සඳහා Fair Work පනතේ අරමුණු යාවත්කාලීන කිරීම සහ නැවත රැකියාවට යන කාන්තාවන්ට උපකාර කිරීම සඳහා child care ප්‍රතිසංස්කරණ ඇති කිරීම ඇතුළුව ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය විසඳීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මුල පිරීම් කිහිපයක් හඳුන්වා දී ඇත.

සේවා ස්ථාන ද සිය ව්‍යාපාරික උපාය මාර්ගයේ අංගයක් ලෙස ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතුළත් කළ යුතු බව WGEA අධ්‍යක්ෂ Mary Wooldridge, SBS පුවත් සේවයට පැවසුවාය.

ඒ සඳහා නායකත්ව කැපවීමක් තිබීම අතිශයින් මූලික දෙයක් වන අතර එය සංවිධානය හරහා සෑම ආකාරයකින්ම විහිදිය යුතු බවද ඇය පැවසුවාය.

"ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ කාර්ය සාධනය සම්බන්ධයෙන් ප්‍රතිඵල සහ වගවීම තිබිය යුතුයි, අපි වැටුප් පරතරය විශ්ලේෂණය කළ යුතු අතර එම හිඩැස් කොතැනද යන්න අපි දැන සිටිය යුතු අතර එවිට අපට ගැටළු හඳුනාගෙන ක්‍රියාමාර්ග ගත හැකියි." යනුවෙන් ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.


Share

Published

By Jessica Bahr, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service