Key Points
- ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සිසුන් වැඩිපුරම පරිහරණය කරන ලද academic cheating websites 40කට ප්‍රවේශය අවහිර කර තිබේ.
- ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල නියාමකයා ලෙස කටයුතු කරන Tertiary Education Quality and Standards Agency (TEQSA) මෙම පියවර ගෙන ඇත.
- වානිජ මට්ටමින් වංචා සේවා සැපයීම ඔස්ට්‍රේලියාව තුළ සාපරාධී වරදකි.
ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සිසුන් වැඩිපුරම පරිහරණය කරන ලද academic cheating websites හෙවත් විශ්ව විද්‍යාල පාඨ මාලා ඇගයීම් සහ අනෙකුත් පරීක්ෂණවලට වංචාකාරී ලෙස සහය ලබා දෙන වෙබ් අඩවි 40කට ප්‍රවේශය අවහිර කර ඇත.
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල නියාමකයා ලෙස කටයුතු කරන Tertiary Education Quality and Standards Agency (TEQSA) හෙවත් තෘතියික අධ්‍යාපන තත්ත්ව සහ ප්‍රමිති ඒජන්සිය මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව TEQSA විසින් මෙම වංචාකාරී ලෙස සහය ලබා දෙන වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා නව විශේෂ ප්‍රොටෝකෝල භාවිතා කර ඇත.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
TEQSA විසින් අවහිර කරන ලද මෙම වෙබ් අඩවි 40 ට මසකට 450,000 වාරයක් පමණ විශ්ව විද්‍යාල සිසුන් පිවිසෙන බව අධ්‍යාපන අමාත්‍ය Jason Clare පැවසීය.
"මෙම නීති විරෝධී වංචා වෙබ් අඩවි තම සේවා ලබා දීම වෙනුවෙන් සිසුන්ගෙන් විශාල මුදලක් ලබාගන්නා බවත් බොහෝ විට ඔවුන්ව blackmail කිරීමට උත්සාහ කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම වංචනික වෙබ් අඩවි භාවිතා කරනු ලබන්නේ සිසුන්ගේ රචනා හෝ ඇගයීම්/පැවරුම් විකිණීමට හෝ ශිෂ්‍යයෙකු වෙනුවෙන් විභාගයට පෙනී සිටීම සඳහා යමෙකුට ගෙවීම් භාර ගැනීමටය.
"මෙම වෙබ් අඩවි අවහිර කිරීමෙන් ඔවුන් පිටුපස සිටින අපරාධකරුවන්ගේ මෙහෙයුම් බරපතල ලෙස කඩාකප්පල් වනු ඇති." යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය Jason Clare පැවසීය.

වානිජ මට්ටමින් වංචා සේවා සැපයීම සාපරාධී වරදක්
මෙම වංචා සහගත කොන්ත්‍රාත්තු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අඛණ්ඩතාවයට සහ ක්‍රියාකාරිත්වයට තර්ජනයක් වන බව Universities Australia හි ප්‍රධාන විධායක නිලධාරී Catriona Jackson පැවසුවාය.
"විශ්වවිද්‍යාලවලට සහ සිසුන්ට මෙය ඉතා අයහපත්, මෙම කුරිරු වෙළඳාම නැවැත්වීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් හොඳ දෙයක්" යනුවෙන් ඇය පැවසුවාය.
වංචා සහගත සේවා වෙත ප්‍රවේශ වීම නැවැත්වීම සඳහා TEQSA සන්නිවේදන කර්මාන්තය සහ අන්තර්ජාල සේවා සපයන්නන් සමඟ ඔස්ට්‍රේලියාව තුළ නව ප්‍රොටෝකෝල භාවිතා කළ පළමු අවස්ථාව මෙය වේ.
මෙම ප්‍රොටෝකෝල නීති විරෝධී වෙබ් අඩවි අවහිර කිරීමේ ක්‍රියාවලිය විධිමත් කරන අතර ඔස්ට්‍රේලියාවේ වානිජ විරෝධී ශාස්ත්‍රීය වංචා නීති බලාත්මක කිරීමට TEQSA හට ඉඩ දෙයි.
2020 වසරේදී ඔස්ට්‍රේලියාව හඳුන්වා දුන් නීති වානිජ මට්ටමින් වංචා සේවා සැපයීම සාපරාධී වරදක් බවට පත් කළේය.
එය කඩ කළ පුද්ගලයන් වසර දෙකක සිරදඬුවමකට සහ ඩොලර් 111,000ක දඩයකට යටත් වේ.
එවැනි වංචා සේවා සඳහා ප්‍රවේශය අවහිර කිරීමට අන්තර්ජාල සේවා සපයන්නන්ට බල කිරීමට ද අදාළ නීති මගින් ෆෙඩරල් අධිකරණයට අවසර ලබා දේ.

