SKIP TO MAIN CONTENT

ප්‍රචණ්ඩ දක්ෂිනාංශික අන්තවාදී කණ්ඩායම්, ත්‍රස්තවාදී සංවිධාන ලෙස නිල වශයෙන් නම් කිරීමට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමති සූදානම්

Australia's Home Affairs Minister insists he's ready to officially list violent right-wing extremist groups as terrorist organisations
Australia's Home Affairs Minister - Peter Dutton. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ප්‍රචණ්ඩ දක්ෂිනාංශික අන්තවාදී කණ්ඩායම් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නිල වශයෙන් නම් කිරීමට තමන් සූදානම් සහ කැමැත්තෙන් සිටින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton පවසයි.

දක්ෂිනාංශික අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා ඔස්ට්‍රේලියාව තුළ කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ඇතැයි ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය වන ASIO ආයතනය අනාවරණය කිරීමෙන් පසුව ඔහු මේ පිළිබඳ පැවසීය.

ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ ත‍්‍රස්ත මර්දන සිද්ධීන්ගෙන් 30% ත් 40% ත් අතර සංඛ්‍යාවක් දක්ෂිනාංශික අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා බව ASIO ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Heather Cook පසුගිය බදාදා තහවුරු කළාය.

නමුත් එම මතවාදය ඇති කිසිදු කණ්ඩායමක් දැනට ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත සංවිධාන ලෙස ලැයිස්තුගත කර නොමැත.

මේ අතර මේ සම්බන්ධයෙන් තීරණය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රමාද වී ඇති බවට කම්කරු පක්ෂය චෝදනා කරයි.

නමුත් මෙවැනි තීරණයක් රජයකට තනි කැමැත්තෙන් ගැනීමට නොහැකි බව ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton අවධාරණය කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now