වසර 40 කට පසු ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළේ දැවැන්ත පසුබෑමක්, නිවාස මිල දිගටම පහත වැටේවිද?

CoreLogic දත්ත වාර්තා කරන පරිදි 2022 මැයි සහ 2023 ජනවාරි අතර ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළේ 8.4% ක පහත වැටීම 1980 න් පසු සිදුවූ විශාලතම කඩා වැටීම වේ.

An aerial view of houses in Sydney

Sydney home values led the latest nosedive, falling 13 per cent from their highest point. Source: Getty / zetter

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් පසුගිය වසරේ ක්‍රමිකව පොලී අනුපාත ඉහල දැමීමේ ක්‍රමවේදය දශක හතරකට වැඩි කාලයක් තුළ ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළේ විශාලතම කඩා වැටීමට හේතුවී තිබේ.

CoreLogic දත්ත වාර්තා කරන පරිදි 2022 මැයි සහ 2023 ජනවාරි අතර ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළේ 8.4% ක පහත වැටීම 1980 න් පසු සිදුවූ විශාලතම කඩා වැටීම වේ.

එය 2017 සහ 2019 අතර වාර්තා වූ කඩා වැටීම මෙන්ම 2008 හි ගෝලීය මූල්‍ය අර්බුදය විසින් ඇතිකරන ලද පරිහානියද අභිබවා යයි.

සිඩ්නි නිවාස මිල ගණන් මෙම නවතම අගයන්ට නායකත්වය දුන් අතර, ඒවා 13% කින් පහත වැටුනි.

බ්‍රිස්බේන් නිවාස මිල ගණන් 10% කින් පහත වැටුණු අතර මෙල්බර්න් නිවාස මිල 8.6% කින් අඩු විය.

නිවාසවල වටිනාකම් පහත වැටීමට හේතුව

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ පොලී අනුපාත වැඩිවීම නිසා ගැනුම්කරුවන්ට ණයට ගත හැකි ප්‍රමාණය අඩුවී ඇති අතර නිවසක් මිලට ගැනීමේ ඔවුන්ගේ විශ්වාසය බොඳ වෙමින් පවතී.

ඉහළ නිවාස ණය බර නිසා නිවාස වෙලඳපොලේ පොලී අනුපාත පිළිබඳ සංවේදීතාව වැඩි කළ හැකි බව CoreLogic පර්යේෂණ ප්‍රධානී Eliza Owen පැවසුවාය.

“ඉහළ උද්ධමන පීඩනය, lockdown කිරීම්වලින් පසුව එදිනෙදා වියදම්වල වැඩිවීම සමඟ ඒකාබද්ධ වී ඇති අතර නිවාස ණය තැන්පතුවක් සඳහා භාවිතා කළ හැකි ගෘහස්ථ ඉතුරුම් ද අඩුවී වී තිබෙනවා,” ඇය තවදුරටත් පැවසුවාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

නිවාස මිල දිගටම පහත වැටේවිද?

2023 දී තවදුරටත් මුදල් අනුපාතිකය 3.1% සිට ඉහළ යන බවට මධ්‍යම බැංකුව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව නිවාස මිල ගණන් පහත වැටීමට ඉඩ ඇති බැවින් නිවාස වෙළඳපල පහළටම ඇද වැටෙන්නේ නැත.

ආර්ථික විද්‍යාඥයින් විසින් පුරෝකථනය කරන ලද සාමාන්‍ය අගය 3.6% දක්වා අඩු වන අතරේ වෙලඳපොල 4%ක පමණ මුදල් අනුපාතිකයේ උච්චතම අගයක් ගනී.

දුර්වල වන දේපල මිල සහ ඉහළ ගොඩනැගිලි පිරිවැය නව ගොඩනැගිලි ව්‍යාපෘති මත වැඩි පීඩනයක් දිගටම එල්ල කරන අතර, නොවැම්බර් මාසයේදී නිවාස අනුමත කිරීම් 9% කින් පහත වැටුනි.

ඉදිකිරීම් කර්මාන්තයේ අනාගත ක්‍රියාකාරකම්වල ප්‍රධාන දර්ශකය වන ගොඩනැගිලි අනුමත කිරීම් පසුගිය අගෝස්තු මාසයේ සිට 21.7% කින් පහත වැටී ඇත.

NSW, බටහිර ඔස්ට්‍රේලියාව, දකුණු ඔස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්තයේ සම්පූර්ණ නිවාස අනුමැතිය පහත වැටී ඇති නමුත් ටස්මේනියාවේ ඉහළ ගොස් ඇත.

non-residential building හෙවත් නේවාසික නොවන ගොඩනැගිලි අනුමත කිරීම් වල වටිනාකම ශක්තිමත්ව පැවතුන අතර පසුගිය නොවැම්බර් මාසයේදී එය 2% කින් ඉහල ගියේය.


2 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now