ACT
මුව ආවරණ
වයස අවුරුදු 12 ට වැඩි පුද්ගලයින් කැන්බරා ගුවන් තොටුපල පර්යන්තය තුළ සහ කැන්බරා වෙතට පැමිණෙන සහ ඉන් පිටතට යන අභ්‍යන්තර වානිජ ගුවන් ගමන් වලදී මෙන්ම සියලුම නේවාසික නොවන ගෘහස්ථ ස්ථානවලදී මුව ආවරණ පැළඳිය යුතුය.
QR කේත භාවිතය
පාරිභෝගික තොරතුරු රැස් කිරීම සඳහා කඩදාසි වාර්තා භාවිතා කිරීමට අවසර නැත. ව්‍යාපාර විසින් Check in CBR app භාවිත කරන විට ඔවුන්ගේ Business Profile එක භාවිත කළ යුතුවේ.
පුද්ගල හා පාරිභෝගික සීමාවන්
නිවසකට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාවේ හෝ අවිධිමත් එළිමහන් රැස්වීම්වලදී රැස්විය හැකි පුද්ගලයින් සංඛ්‍යාවේ හෝ සීමාවක් නොමැත.
ගෘහස්ථව සංවිධානය කරන සියලුම උත්සව සඳහා වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන සීමාවට යටත් විය යුතුය. (සේවකයින් හැර)
පුද්ගලයින් 25 කට වඩා වැඩි නම් එම සීමාව පහත ස්ථාන සඳහා අදාළ වේ:
- සිල්ලර ව්‍යාපාරික ස්ථාන, hospitality ස්ථාන සහ පුද්ගලික සත්කාර සේවා
- විනෝදාස්වාද සහ විවේකය සපයන ස්ථාන, ප්‍රජා සහ සංස්කෘතික ස්ථාන
- කැසිනෝ, සමාජ ශාලා, සූදු ස්ථාන සහ ඔට්ටු ඇල්ලීමේ ස්ථාන
- ආගමික ස්ථාන, අවමංගල සහ මංගල උත්සව පවත්වන ස්ථාන
- කායවර්ධන මධ්‍යස්ථාන, health clubs, යෝග්‍යතා මධ්‍යස්ථාන හෝ සුවතා මධ්‍යස්ථාන, පුද්ගලික පුහුණුව, bootcamps, නැටුම් පන්ති, පිහිනුම් තටාක සහ සංවිධානාත්මක ක්‍රීඩා ක්‍රියාකාරකම්
සංචාරය කිරීම
කොවිඩ් ආසදිතයින්ගේ ආශ්‍රිතයින් හැර, වෙනත් ප්‍රාන්ත වලින් ACT වෙත පැමිණෙන සංචාරකයින් සඳහා දැනට සීමාවන් නොමැත.
වෙනත් ප්‍රාන්තයක පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස ප්‍රකාශ කර ඇති සංචාරකයින් ACT වෙත ඇතුළු වීමට පෙර ACT Health වෙතින් සංචරාක නිදහස් කිරීමක් ලබා ගත යුතුය.
පූර්ණ එන්නත්කරණය ලද ජාත්‍යන්තර සංචාරකයින් ACT වෙත ඇතුළු වීමේදී පහත අවශ්‍යතා සැපිරිය යුතුය:
- ACT වෙත පැමිණ පැය 24ක් ඇතුළත online declaration පෝරමයක් සම්පූර්ණ කළ යුතුය.
- ඔස්ට්‍රේලියාවට පැමිණ පැය 24ක් ඇතුළත PCR පරීක්ෂණයකට භාජනය වී ඍණාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබෙන තුරු නිරෝධායනය විය යුතුය.
- ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු 6 වන දින තවත් PCR පරීක්ෂණයකට භාජනය විය යුතුය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
මුව ආවරණ
වයස අවුරුදු 12 ට වැඩි පුද්ගලයින් පොදු ප්‍රවාහනයේදී හෝ පොදු ප්‍රවාහන සේවයක් ගැනීමට බලා සිටින ස්ථානයක සිටින විට ඇතුළුව සියලුම නේවාසික නොවන ගෘහස්ථ ස්ථානවලදී මුව ආවරණයක් පැළඳිය යුතුය.
අනිවාර්ය මුව ආවරණ පැළදීමේ නීතිය දෙසැම්බර් 24 සිට ජනවාරි 27 දක්වා ක්‍රියාත්මක වේ.
නිරෝධායන අවශ්‍යතා
නිව් සවුත් වේල්ස් හි COVID-19 වයිරසයට නිරාවරණය වන සෞඛ්‍ය සේවකයින්ට නව මාර්ගෝපදේශ යටතේ දින 14 ක් ස්වයං නිරෝධායනය වීම වෙනුවට දින හතකට පසු නැවත සේවයට යාමට හැකි වේ.
නමුත් නිරෝධායනයේ 6 වන දිනයේදී PCR පරීක්ෂණයක් කර එහි ප්‍රතිඵල ඍණාත්මක වී නැවත සේවයට යාමට පෙර අවදානම් තක්සේරු සැලැස්මක් අනුගමනය කිරීමට අවශ්‍ය වනු ඇත.
QR Check-in
පහත සඳහන් ස්ථානවලට ඇතුළු වීමේදී QR Check-in ක්‍රමය භාවිතය අනිවාර්ය වේ;
- සිල්ලර ව්‍යාපාරික ස්ථාන, hospitality ස්ථාන සහ පුද්ගලික සත්කාර සේවා
- කායවර්ධන මධ්‍යස්ථාන
- රෝහල්
- residential care ස්ථාන හෝ නේවාසිකාගාර
- ආගමික ස්ථාන
- අවමංගල්‍ය සහ අනුස්මරණ උත්සව
- රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ සහ 1000කට වැඩි පිරිසක් සිටින ගෘහස්ථ සංගීත උත්සව
පුද්ගල හා පාරිභෝගික සීමාවන්
pubs, සමාජ ශාලා, අවන්හල් සහ කැෆේ ඇතුළු Hospitality ස්ථානවල වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු යන පාරිභෝගික සීමාව පනවා ඇත.
නමුත් එළිමහන් ස්ථාන සඳහා එම සීමාවන් අදාළ නොමැත.
මෙම පාරිභෝගික සීමාවන් දෙසැම්බර් 27 සිට 2022 ජනවාරි 27 දක්වා ක්‍රියාත්මක කෙරේ.
කොවිඩ් එන්නත්කරණ අවශ්‍යතා
NSW ප්‍රාන්තයේ බොහෝ ස්ථාන දැන් කොවිඩ් එන්නත්කරණ අවශ්‍යතා නොසලකා සැමටම විවෘතය.
අමුත්තන්ට ඔබේ නිවසට පැමිණීමට හෝ ඔවුන්ගේ නිවෙස්වලට ඔබට යාමට හෝ පූර්ණ එන්නත්කරණය ලැබීම අවශ්‍යතාවක් නොවේ.
කෙසේ වෙතත්, ඔබ පුද්ගලයින් 1000කට වඩා වැඩි පිරිසක් සිටින ගෘහස්ථ සංගීත උළෙලකට සහභාගී වන්නේ නම් හෝ ඔබ යම් කර්මාන්තවල සේවය කරන්නේ නම්, ඔබ සම්පූර්ණයෙන් එන්නත් කර ඇති බවට සාක්ෂි තවමත් පෙන්විය යුතුය.
සංචාරය කිරීම්
NSW ප්‍රාන්තය තුළ නිවාඩු හෝ විනෝද චාරිකා සඳහා Greater Sydney සහ ප්‍රාදේශීය කලාප අතර සංචාරය කිරීමට සීමාවන් නොමැත.
කොවිඩ් බලපෑමට ලක් වූ ප්‍රදේශ, අවධානය යොමු කළ යුතු ප්‍රදේශ සහ ඉහළ අවධානයක් යොමු කළ යුතු ස්ථාන ලෙස NSW Health විසින් හඳුනාගෙන ඇති ස්ථානයක සිට සංචාරය කරන පුද්ගලයින් සඳහා අන්තර් ප්‍රාන්ත සංචාර සීමා කර ඇත.
ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට NSW වෙත ගමන් කරන සහ විදෙස් රටකින් NSW හරහා සංක්‍රමණය වන පුද්ගලයින් සඳහා නව නීති ක්‍රියාත්මක වේ.
Northern Territory
මුව ආවරණ
Tennant Creek කලාපයේ සියලු වැසියන් නිවසින් බැහැරව යාමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
QRCheck-in
සියලුම Northern Territory ව්‍යාපාර, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම ව්‍යාපාරික ස්ථාන සහ උත්සව සඳහා Territory Check-In App එක භාවිතය අනිවාර්ය වේ
අදාළ ස්ථානවලට ඇතුළුවන පාරිභෝගිකයින්ගේ තොරතුරු ලබාගැනීමට කඩදාසි භාවිතයට තවමත් අවසර ලැබේ.
ඔබ එම ස්ථානයේ කොපමණ වේලාවක් ගත කළත්, ඔබ යන සෑම තැනකම check in වීම අවශ්‍ය වනු ඇත.
සංචාරය කිරීම්
සම්පුර්ණයෙන්ම එන්නත් කරන ලද සංචාරකයින්ට නිරෝධායනයකින් තොරව Northern Territory වෙත පැමිණීමට අවසර ඇත.
එන්නත් නොකළ ආපසු පැමිණෙන Northern Territory වාසීන් සහ Northern Territory තුළට ඇතුළු වීමට අවසර ලබා ඇති පුද්ගලයින්, තමන්ගේම වියදමින් දින 14 ක් අධීක්ෂණය සහිතව අනිවාර්ය නිරෝධායනයට ලක්විය යුතුය.
කොවිඩ් එන්නත නොලද සංචාරකයින්ට Northern Territory වෙත පැමිණීමට අවසර නැත.
Northern Territory හි සිටින විට ඔබට Litchfield ජාතික වනෝද්‍යානය, Kakadu ජාතික වනෝද්‍යානය, Nitmiluk ජාතික වනෝද්‍යානය, Karlu Karlu / Devils Marbles, West MacDonnell ජාතික වනෝද්‍යානය, Uluru-Kata Juta ජාතික වනෝද්‍යානය ඇතුළු exclusion zones වලින් බැහැරව පිහිටි ප්‍රධාන සංචාරක ගමනාන්ත සහ ජාතික උද්‍යාන වෙත ගමන් කළ හැකිය.
ක්වීන්ස්ලන්තය
මුව ආවරණ
2021 දෙසැම්බර් 23 සිට පහත ස්ථානවල සහ අවස්ථාවලදී අනිවාර්යෙන් මුව ආවරණ පැළඳිය යුතුය:
- දුම්රිය වේදිකා සහ ferry පර්යන්ත ඇතුළුව පොදු ප්‍රවාහන සේවාවලදී
- කුලී රථ සේවා භාවිතයේදී
- සිල්ලර ව්‍යාපාර ස්ථාන සහ විනෝදාස්වාදය සපයන ස්ථාන
- එළිමහන් මගී ප්‍රවාහනය ඇතුළුව ක්වීන්ස්ලන්ත ගුවන් තොටුපළක සියලුම ප්‍රදේශවල සහ ක්වීන්ස්ලන්ත ගුවන් අවකාශයේ අභ්‍යන්තර වානිජ ගුවන් ගමනක් අතරතුර.
- සෞඛ්‍ය සේවකයින් සහ hospitality ස්ථානවල සේවකයින්
- රෝහල්, සෞඛ්‍ය සේවා ස්ථාන , esidential aged care මධ්‍යස්ථාන, ආබාධිත මධ්‍යස්ථාන සහ බන්ධනාගාරවලට පැමිණෙන අමුත්තන්
QR Check-in
Check In Qld app එක භාවිතයෙන් ආයතනයකට ඇතුළු වන විට සියලු කාර්ය මණ්ඩලයේ, අමුත්තන්ගේ සහ අනුග්‍රාහකයින්ගේ තොරතුරු, එන්නත් කිරීම පිළිබඳ සාක්ෂි හෝ එන්නත නොගනේමට අදාළව නිකුත් කළ වෛද්‍ය සහතික පිළිබඳ සාක්ෂි එකතු කළ යුතුය.
කොවිඩ් එන්නත්කරණ අවශ්‍යතා සහ පුද්ගල හා පාරිභෝගික සීමා
පහත ස්ථානවල සම්පූර්ණයෙන් එන්නත් කළ පුද්ගලයින්ට පැමිණීමට පමණක් අවසර දී ඇති ව්‍යාපාර සඳහා පුද්ගල හා පාරිභෝගික සීමාවන් නොමැත:
- pubs, සමාජ ශාලා, තැබෑරුම්, අවන්හල්, කැෆේ සහ ක්ෂණික ආහාර අලෙවිසැල් වැනි hospitality ස්ථාන
- රාත්‍රී සමාජ ශාලා, සජීවී සංගීත පවත්වන ස්ථාන, karaoke ශාලා, ප්‍රසංග, රංග ශාලා හෝ සිනමා ශාලා, කැසිනෝ වැනි ගෘහස්ථ විනෝදාස්වාද ස්ථාන
- ක්‍රීඩාංගන හෝ theme parks වැනි එළිමහන් විනෝදාස්වාද ක්‍රියාකාරකම්
- සංගීත උත්සව, කලා උත්සව වැනි ගෘහස්ථ හෝ එළිමහන් උත්සව
- සම්මේලන මධ්‍යස්ථාන, විනෝදාස්වාද මධ්‍යස්ථාන සහ showgrounds වැනි ස්ථානවල ගෘහස්ථ හෝ එළිමහන් ක්‍රියාකාරකම්
- ක්වීන්ස්ලන්ත රජය සතු කලාගාර, කෞතුකාගාර හෝ පුස්තකාල
සහභාගී වන පුද්ගලයින් සම්පුර්ණයෙන්ම එන්නත් කර ඇත්නම් උත්සව සඳහා පුද්ගලිකව කුලියට ගන්නා ස්ථාන වලට පුද්ගල සීමාවක් නොමැත.
කෙසේ වෙතත්, සම්පූර්ණයෙන් එන්නත් නොකළ පුද්ගලයෙකු සහභාගී වේ නම්, පුද්ගල සීමාවන් අදාළ වේ. උපරිම පුද්ගලයින් 20 ක් හෝ වර්ග මීටර හතරකට එක් අයෙකු බැගින් වන නීතිය අදාළ වන ස්ථාන එයින් අදහස් කෙරේ.
සංචාරය කිරීම්
2021 දෙසැම්බර් 28 සිට ක්වීන්ස්ලන්තයේ කොවිඩ් අවදානම් ස්ථානවල සිටින සංචාරකයින් ක්වීන්ස්ලන්තයට පැමිණීමෙන් පසු 5 වන දින PCR පරීක්ෂණයක් ලබා ගැනීමට අවශ්‍ය නොවේ.
2022 ජනවාරි 1 සිට, කොවිඩ් අවදානම් ස්ථානයක සිට ක්වීන්ස්ලන්තයට ඇතුළු වන ඕනෑම සංචාරකයෙකුට ක්වීන්ස්ලන්තයට ඇතුළු වීමට පැය 72කට පෙර Rapid Antigen පරීක්ෂණයකින් හෝ PCR පරීක්ෂණයකින් ඍණාත්මක ප්‍රතිඵල පෙන්විය යුතුය.
ඔබ ක්වීන්ස්ලන්තයට ඇතුල් වීමට පෙර ක්වීන්ස්ලන්ත ප්‍රවේශ බලපත්‍රයක් සඳහා අයදුම් කර එය ලබා ගත යුතුය. ඔබ ක්වීන්ස්ලන්තයට ඇතුළු වන්නේ නම් පහත කලාප අනුව අවශ්‍යතා වෙනස්වනු ඇත:
- hotspot කලාපයකින් (ඔස්ට්‍රේලියාව තුළ සංචාරකයින් සඳහා)
- border zone කලාපයකින් (Border Zone pass)
- green zone කලාපයෙන් (කිසිදු සීමාවක් නොමැත)
- විදෙස් ගතව පැමිණෙන විට
- වෙනත් ප්‍රාන්තයකදී කොවිඩ් වයිරසයට නිරාවරණය වූ ස්ථානයකට ගොස් ඇත්නම්
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
මුව ආවරණ
දැනට සෞඛ්‍ය සේවා, මගී ප්‍රවාහන සේවා, අධි අවදානම් ස්ථාන, ගුවන් තොටුපළ සහ ගුවන් යානා, පුද්ගලික රැකවරණය, ගෘහස්ථ පොදු ස්ථාන සහ නිරෝධායනයෙහි සිටින පුද්ගලයින් සඳහා මුව ආවරණ අනිවාර්ය වේ.
QR Check-in
සාමාන්‍ය සිල්ලර වෙළෙඳ පරිශ්‍ර, සහ නිශ්චිත පොදු ක්‍රියාකාරකම් සිදු කරන ව්‍යාපාර, 100කට වඩා වැඩි පිරිසක් සහභාගී වන ක්‍රියාකාරකමක් හෝ මගී ප්‍රවාහන සේවා සඳහා COVID SAfe Check-In හෝ වෙනත් අනුමත ආශ්‍රිතයින් ලුහුබැඳීමේ පද්ධතියක් භාවිතා කළ යුතුය
කුමන හෝ පරිශ්‍රයකට සහ ව්‍යාපාර ස්ථානයකට ඇතුළු වන සියලුම පුද්ගලයින් QR කේතය scan කිරීමට COVID SAfe Check-In භාවිතා කළ යුතුය.
පුද්ගල හා පාරිභෝගික සීමාවන්
දෙසැම්බර් 26 දා ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට නව පුද්ගල දුරස්ථ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ.
ගෘහස්ථ hospitality ස්ථානවල පාරිභෝගික සීමාව වර්ග මීටර හතරකට එක් අයෙකු වන අතර එළිමහන් ස්ථානවල සෑම වර්ග මීටර දෙකකටම එක් අයෙකු සිටින සේ අවසර දී ඇත.
වර්ග මීටර් හතකටම එක් පුද්ගලයෙකු සිටින සේ කායවර්ධන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කළ යුතු අතර නිවසේ අමුත්තන් රැස්වීමේදී පුද්ගලයින් 30 සිට 10 දක්වා අඩු කර ඇත.
සංචාරය කිරීම්
දෙසැම්බර් 26 මධ්‍යම රාත්‍රියේ සිට බලධාරීන් විසින් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයින් සඳහා අනිවාර්ය PCR පරීක්ෂණ සඳහා වූ අවශ්‍යතාවය ඉවත් කර ඇත.
ඔබ ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කරන ලද හෝ පිළිගත් හෝ COVID-19 එන්නතක පූර්ණ මාත්‍රා ලබා ඇත්නම් ඔබට විදේශයක සිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණිය හැකිය.
ටස්මේනියා ප්‍රාන්තය
මුව ආවරණ
කෲස් නෞකාවන් සහ ටස්මේනියාවේ ක්‍රියාත්මක වන වෙනත් යාත්‍රා, පොදු ප්‍රවාහන සේවා, කුලී රථ සහ ධාවන සේවා ඇතුළු වානිජ හෝ විනෝදාත්මක යාත්‍රාවල ගෘහස්ථ ස්ථානවල වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින් මුව ආවරණ පැළඳිය යුතුය.
ටස්මේනියානු ගුවන් තොටුපළවල, වරායන්, ගුවන් යානා සහ Spirit of Tasmania නෞකාවේ සහ පුද්ගලයින් 1000කට වැඩි විශාල එළිමහන් උත්සවවලදී ද මුව ආවරණ පැළඳිය යුතුය.
QR Check-in
ටස්මේනියානුවන් සහ සංචරාකයින් ව්‍යාපාර, සංවිධාන සහ උත්සව සඳහා පැමිණෙන විට Check in TAS app එක භාවිත කිරීමට අවශ්‍ය වේ.
සංචාරය කිරීම්
සියලුම සංචාරකයින් Tas e-Travel පද්ධතිය හරහා ලියාපදිංචි විය යුතු අතර ටස්මේනියාවට පැමිණීමේදී ඔවුන්ගේ QR කේතය scan කිරීමට අවශ්‍ය වනු ඇත.
ඔබ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා ඇත්නම්, හෝ එන්නත් කිරීමෙන් ඔබට නිදහස් කිරීමක් තිබේ නම් සහ ඔබ ටස්මේනියාවට පැමිණීමට පෙර දින 14 තුළ කිසිදු කොවිඩ් අධි අවදානම් සහිත ප්‍රදේශයක නොසිටියේ නම්, ඔබට පරීක්ෂණ අවශ්‍යතාවයකින් තොරව හෝ නිරෝධායනය නොවී ටස්මේනියාවේ සංචාරය කිරීමට ලියාපදිංචි විය හැක.
ටස්මේනියාවට විදෙස් රටක සිට පැමිණේ නම් වන කොන්දේසි සංචාරකයාගේ එන්නත්කරණ තත්ත්වය සහ ටස්මේනියාවට ඒමට පෙර ඔවුන් කාලය ගත කළ ස්ථානය මත රඳා පවතී. විදේශයන්හි සිට එන්නත් කරන ලද සංචාරකයින් කොවිඩ් අධි අවදානම් ප්‍රදේශ ලැයිස්තුව පරීක්ෂා කළ යුතුය.
වික්ටෝරියා ප්‍රාන්තය
මුව ආවරණ
නිදහස් කිරීමක් නොමැතිනම් වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම ගෘහස්ථ ස්ථානවල වයස අවුරුදු අට සහ ඊට වැඩි සෑම දෙනාටම මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
පොදු ප්‍රවාහනයේදී, කුලී රථ සේවාවලදී, සංචාරක වාහනවලදී, වානිජ ගුවන් ගමන්වලදී සහ ගුවන් තොටුපළකදී ද මුව ආවරණ පැළඳීම අවශ්‍ය වේ.
ප්‍රධාන උත්සවවලදී, 30,000 හෝ ඊට වැඩි පුද්ගලයින් සිටින උත්සවයකදී ගෘහස්ථව සහ එළිමහනේ මුව ආවරණ පැළඳීම අවශ්‍ය වේ. නමුත් ඔබ එළිමහනේ වාඩි වී සිටින විට මුව ආවරණයක් පැළඳීමට අවශ්‍ය නොවේ.
QR Check-in
සියලුම සේවා ස්ථානවලට පැමිණෙන සේවකයින් සහ අනෙකුත් පුද්ගලයින් පිළිබඳ වාර්තා තබා ගැනීම සඳහා නොමිලේ ලබාදෙන Service Victoria app එක භාවිතා කළ යුතුය.
ඔබ ව්‍යාපාරයකට හෝ සේවා ස්ථානයකට ඇතුළු වන්නේ නම්, ඔබ පැමිණීමේ කාලසීමාව කුමක් වුවත් Service Victoria app එක භාවිතයෙන් Check-in විය යුතුය.
කොවිඩ් එන්නත්කරණ අවශ්‍යතාව
වික්ටෝරියා ප්‍රාන්තයේ පහත ස්ථානවලට ඇතුළු විය හැක්කේ සම්පූර්ණයෙන්ම එන්නත් කළ පුද්ගලයින්ට පමණි:
- අවන්හල්, pubs වැනි ආහාර පාන ගන්නා ස්ථාන
- තැබෑරුම් රාත්‍රී සමාජ ශාලා
- සිනමා ශාලා සහ සත්වෝද්‍යාන වැනි විනෝදාස්වාදය සපයන ස්ථාන
- විවිධ උත්සව සහ සම්ම්මන්ත්‍රණ
- සංචාරක ස්ථාන
- කැසිනෝ ශාලා, වැඩිහිටි විනෝදාස්වාද ස්ථාන
- ප්‍රජා සහ කලා ස්ථාන
- ක්‍රීඩා සහ විනෝදාස්වාදය සපයන ස්ථාන හා ක්‍රීඩාංගන, පිහිණුම් තටාක
Takeaway පමණක් ක්‍රියාත්මක වන ආහාර පාන ස්ථාන සඳහා එන්නත්කරණ අවශ්‍යතා අදාළ නොවේ.
එන්නත්කරණ අවශ්‍යතා ප්‍රජා ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින්ට හෝ hydrotherapy වැනි අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිහිනුම් තටාක භාවිතා කරන පුද්ගලයින්ට අදාළ නොවේ.
විවාහ, අවමංගල්‍ය සහ ආගමික උත්සව සඳහා එන්නත්කරණ අවශ්‍යතා හෝ පුද්ගල සීමාවන් නොමැත.
කෙසේ වෙතත්, විවාහ මංගල්‍යය හෝ උත්සවය පැවැත්වෙන්නේ වානිජ සත්කාරක ස්ථානයක, ප්‍රජා ශාලාවක හෝ විනෝදාස්වාද ස්ථාන වැනි එන්නත්කරණ අවශ්‍යතා ඇති ස්ථානයක නම්, ඔබ එම ස්ථානයේ එන්නත්කරණ අවශ්‍යතා අනුගමනය කළ යුතුය.
සංචාරය කිරීම්
වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරය කිරීම සඳහා කිසිදු සීමාවන් නොමැත.
පසුගිය දින 14 තුළ විදේශගත වී නොමැති නම්, වික්ටෝරියා ප්‍රාන්තය වෙත පැමිණෙන දේශීය සංචාරකයින් ඔවුන්ගේ එන්නත්කරණ තත්ත්වය නොසලකා ප්‍රාන්තයට ඇතුළු වීමට සංචාරක බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නොවේ.
ඔබ විදේශයක සිට වික්ටෝරියා ප්‍රාන්තය වෙත ඇතුළු වන්නේ නම්, අදාළ අවශ්‍යතා දැනගැනීමට returned overseas travellers සඳහා වන තොරතුරු ඇතුළත් පිටුව බලන්න.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
මුව ආවරණ
පර්ත් සහ පීල් කලාපවල සියලුම පොදු ගෘහස්ථ ස්ථාන තුළ, පොදු ප්‍රවාහන සේවාවල, කුලී රථ සේවාවන්හි මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ. ජනවාරි 4 දක්වා මෙය දීර්ග කර ඇත.
2021 දෙසැම්බර් 16 බ්‍රහස්පතින්දා සිට පර්ත් සහ පීල් හි (Rottnest Island ඇතුළුව) සිට වෙනත් ප්‍රාදේශීය ප්‍රදේශයකට ඇතුළු වන ඕනෑම අයෙකු පර්ත් සහ පීල් කලාපවල අවශ්‍යතා අනුව මුව ආවරණ පැළඳීම අවශ්‍ය වේ.
QR Check-in
බොහෝ ව්‍යාපාර සහ ස්ථාන SafeWA app එක භාවිතයෙන් අදාළ ස්ථානවලට පැමිණෙන පුද්ගාලයින්ගේ තොරතුරු ලේඛනයක් පවත්වා ගැනීමට අවශ්‍ය වේ.
පුද්ගල හා පාරිභෝගික සීමා
පර්ත් සහ පීල් වලින් පිටත කලාපවල තවදුරටත් ස්ථාන සහ උත්සව සඳහා පුද්ගල හා පාරිභෝගික සීමාවන් නොමැත.
පර්ත් සහ පීල් කලාපවල 500කට වඩා වැඩි පුද්ගලයින් සිටින ඕනෑම උත්සවයකට පටිගත කරන ලද සංගීතය වාදනය කිරීමට හෝ විනෝදාස්වාද අරමුණු සඳහා ගායනය හෝ නැටුම් ඇතුළත් සජීවී ප්‍රසංගවලට අවසර නැත.
සංචාරය කිරීම්
මධ්‍යම, ඉහළ හෝ අධි අවදානම් ප්‍රාන්තවලින් බටහිර ඕස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ට G2G Pass හරහා ඇතුළුවීමට අනුමැතියක් ලබා තිබිය තිබිය යුතුය. බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සීමා විධි විධාන පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සොයා බලන්න.