ඕස්ට්‍රේලියාවට භාර ගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණයේ වාර්තාගත අඩුවීමක් (SBS සිංහල/ වාර්තා)

සංක්‍රමණිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී අදාල අයදුම් පත් පිලිබදව සොයාබලන්නට රජය දැඩි ක්‍රියා පිළිවෙතක් (tougher vetting procedures ) අනුගමනය කිරීමට තීරණය කිරීමත් සමග මෙලෙස ස්ථිර පදිංචිය සදහා පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩු වනු ඇති බව මීට පෙර අනුමාන කර තිබිණි.

Australia's migration intake

Source: SBS

ඕස්ට්‍රේලියාවට ස්ථිර පදනම මත භාර ගනු ලබන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව, ෆෙඩරල් රජය මගින් ක්‍රියාත්මක දැඩි නීති හේතුවෙන් සියයට 10කින් අඩු වී ඇතැයි වාර්තා වෙයි.

නවතම  දත්ත වලට අනුව සදහන් වන්නේ ගෙවී ගිය මුල්‍ය වර්ෂය තුල 2007 වසරෙන් පසුව වාර්තා වන අඩුම ස්ථිර සංක්‍රමණිකයින් ප්‍රමාණය වාර්තා වී ඇති බවයි. පසුගිය මුල්‍ය වර්ෂය සදහා 190,000 සීමාවක් පනවා තිබුනද මෙරටට භාරගෙන ඇති ස්ථිර සංක්‍රමණිකයින් ප්‍රමාණය 163,000 පමණක් වන බව වැඩි දුරටත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් වෘත්තීය සමිති සහ විවිධ කර්මාන්ත වලට සම්බන්ද සංවිධාන මෙම සංක්‍රමණිකයින් ප්‍රමාණය 190,000 සීමාව තුල පවතවාගෙන යන ලෙස රජයෙන් ඉල්ලා සිටියද මෙලෙස එම සංඛ්‍යාව අදාල සීමාවට වඩා අඩු වීම විශේෂ සිදු වීමක්. තවද මෙම සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණයේ සිමාව 110,000 දක්වා අඩු කල යුතු බවට හිටපු අගමැති ටෝනි ඇබට් විශ්වාශ කල අතර, ඒ සම්බන්දයෙන් සභාග රජය තුල මත දෙකක් පැවතිණි.

රජය හදුන්වාදුන් දැඩි නීති සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය අඩු වීමට හේතුවක්

සංක්‍රමණිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී අදාල අයදුම් පත් පිලිබදව සොයාබලන්නට රජය දැඩි ක්‍රියා පිළිවෙතක් (tougher vetting procedures ) අනුගමනය කිරීමට තීරණය කිරීමත් සමග මෙලෙස ස්ථිර පදිංචිය සදහා පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩු වනු ඇති බව මීට පෙර අනුමාන කර තිබිණි. 

 මේ අතර 1990 ගණන් වල  සිට  2007,දක්වා සංක්‍රමණ කටයුතු දෙපාර්තමේන්තුවේ විසා වැඩසටහනට සම්බන්දවී කටයුතු කල නිලධාරියෙක් වන Abul Rizvi, වැඩි සංක්‍රමණිකයින් පිරිසක් මෙරටට භාර ගත් අවදියේද ඉතා දැඩි ලෙස අයදුම් පත් පිළිබද සලකා බැලීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ බවයි

වංචනික අයදුම් පත්‍ර වලට ඉඩක් නැහැ

Peter Dutton amependekeza kupunguza kiwango cha mapokezi ya wahamiaji nchini Australia
Australia's Prime Minister Malcolm Turnbull speaks during a press conference at Parliament House in Canberra Source: AAP Image/Lukas Coch

වංචනික අයදුම් පත්‍ර සහ අසත්‍ය තොරතුරු ලබාදෙන අයදුම් කරුවන් සදහා තම රජය  අවස්ථාව ලබා නොදෙන බව අභ්‍යන්තර  කටයුතු අමාත්‍ය Peter Dutton පවසයි. තම රජය කම්කරු පක්ෂ රජය සේ සුදුසුකම්  නොමැති අයදුම් කරුවන්ට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු නොවන බවද ඔහු පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය. එවැනි ක්‍රියා මාර්ග ආර්ථිකයට අහිතකර අයුරින් බලපෑම් කරනු ඇති බවද අභ්‍යන්තර  කටයුතු අමාත්‍යවරයා අවධාරණය කරයි.

තවද 2017 - 18 මුල්‍ය වර්ෂය තුල කුසලතා සංක්‍රමණිකයින් ලෙස මෙරටට පැමිණ ඇති සංඛ්‍යාව 12,468 ක් වන අතර පසුගිය වසරේ එම සංඛ්‍යාව 111,099. තවද සහකරුවන්ට, සහකාරියන්ට සහ මෙරට වෙසෙන පවුල් වල අනෙකුත් සාමාජිකයින්ට මෙරට පදිංචි වීම සදහා ලබාදෙන වීසා ප්‍රමාණය ගෙවී ගිය වසර තුල සියට 15කින් අඩු වී ඇති බව නවතම දත්ත පෙන්වා දී තිබේ.

 පසුගිය මුල්‍ය වර්ෂය තුල  511,900 ඕස්ට්‍රේලියාවට පැමිණෙනු ඇති බවට ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව (Home Affairs department)  වසර මුලදී අනුමාණ කර ඇති අතර, එයින් නැවත රටින් පිටව ගිය ප්‍රමාණය වන  286,200 ක පිරිස අඩු කල විට මෙරට ඉතිරිව සිටින සංක්‍රමණිකයින් ප්‍රමාණය 225,700 ක්.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now