SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයාට වසර දෙකක ළමා අපයෝජන නඩුවෙන් දඬුවම් නියම වෙයි.

Australia's most senior Catholic Cardinal George Pell, has been charged over historical child sexual assault allegations.
Australia's most senior Catholic Cardinal George Pell Source: CNS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයෙකු වන කාදිනල් George Pell හට එල්ලවී තිබූ ළමා අපහරණ චෝදනා වලින් ඔහුව වැරදිකරු බවට ඊයේ තීන්දු විය.

කාදිනල් George Pell, වතිකානුවේ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර එය වතිකානු රාජ්‍යයේ තෙවන ඉහළම තනතුර ලෙසද වාර්තා වේ.

මේ වන විට වතිකානුවේ රැදී සිටින කාදිනල් George Pell හට අදාළ තීන්දුව දැනුම් දී ඇති අතර ඔහු එම තීන්දුව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහුගේ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් සහ අනුමැතිය ලද විගස ඔහු ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට අපේක්ෂිත බවද වාර්තා වේ.

ලබාදුන් තීන්දුව ට එරෙහිව තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට උසාවියේ තමන්ට හිමි දිනය එළඹෙන තුරු බලා සිටින බව කාදිනල් George Pell ප්‍රකාශ කලේය.

මේ අතර කාදිනල් George Pell හට ලබාදුන් දඬුවමට සහ නඩු තීන්දුවට ඉතාලි ජන මාධ්‍ය විසින් ඉතා පුළුල් ප්‍රචාරයක් ලබා දී ඇති බවද සඳහන්.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වික්ටෝරියානු පොලීසිය විසින් කාදිනල් George Pell හට එරෙහිව ගෙන ගිය මෙම ළමා අපයෝජන නඩුව මෑත කාලීන ලෝකයේ කතෝලික සභාවේ ඉහළම තනතුරක් දරන පූජකයෙකු හට විරුද්ධව ගෙන ගිය එකම නඩුව ලෙසද ඉතිහාසගත වේ.

තීන්දුව පිළිබඳ සැලවූ වහාම ඉතාලි පුවත්පත්  කාදිනල් George Pell ගේ ඡායාරූප සහිතව අදාළ පුවතට ප්‍රධාන තැනක් දෙමින් මුද්‍රණය කර තිබු අතර රූපවාහිනී නාලිකාද  කාදිනල් George Pell, පසුගිය වසරේදී මේ සම්බන්ධව ප්‍රකාශ ලබා දුන් රූප රාමු වැඩි වශයෙන් විකාශය කළ බව ද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now